MACO

Thursday, 19 December 2019

වෙර දරන මින්සුන්

සවස් ජාමය වෙද්දි වැවට වතුර බීමට පැමිණෙන අලි ඇතුන් තම කිරට නමනා කුඹුර දෙසට පැමිණෙදැයි බයෙන් හා සැකයෙන් සිටින ගොවීන් අලි දෙස බලා සිටී..

කළුවර වැටි එන මොහොත සුන්දර මනස්කාන්ත දසුනක් වුවත් එය ගොවීන්ටනම් එ් තරම් සුන්දර නොවේ..කොහෙන් පිට වැටක් කඩාගෙන අලි තමන්ගෙ බෝග විනාශ කිරීමට එයි දැයි බලා සිටීමට සිදු වීමෙනි..

කුඹුරට පිටින් කුඹුර වටේට ඇද ඇති නූල් වල ගැට ගසා ඇති බෝතල් එකිනෙක ගැටෙන ශබ්දය මගින් අලියෙකු හෝ කිසියම් විශාල සතෙකු තම කුඹුර වෙතට එන වග ගොවීන් සඥා කර ගනී.

ගොවීන්ගෙ කනට හුරු වී ඇති බෝතල් ගැටෙන ශබ්දය ඇසුන විගස මැදියම් රැයේ වුවත් කුඹුරු යායෙම ගොවීන් එකට එකතු වී කෑ ගසා අලින් එලවා තම කුඹුර රැක ගනී..එක් දවසකට එය ගොඩක් සුන්දර අත්දැකීමක් වුවත් තම දරුවන් ජීවත් කිරීමට, තම ආහාර වේල සපුරා ගැනීමට ඔවුන් දරන වෑයම සුලුපටු වන්නක් නොවේ..






Sunday, 1 September 2019

මළ  උන්ගේ පැමිනීම
  "නාකි උන්දෑ  මේ ලෝකෙන් ගියා  ගියාමයි මේ ගෙදරට කිසිම සැනසීමක් නැති හැටියක්  තිබ්බ සේසතම නැති නාස්ති වෙලාම ගියා" අම්මා උදේ පාන්දර  හූල්ලන්නාක් මෙන්  ලොකු අම්මා අතින් පවසනවා  හීනයකින් මෙන් මට ඇසුනි. " පව්ල් පිටින් හැදිගෑවිලා යන්න එක දුෂ්ට  ආත්මයක් ඇති " ඉස්සර මිනිස්සු මොන තරම්නම්  ගැවසුන ගෙයක්ද ඔය පාලුවට  ගිහින් තියෙන්නේ දෙවියනේ  ලොකු අම්මාගේ පිළිතුර  විය .
      ඒ පවසන්නේ අපේ උඩහා තිබෙන පාලු බංගලාව ගැන බව මට නිතැනින් පසක් විය  කුඩා  කල අප සියලුදෙනාම  පාහේ ජීවත්  උනේ මහගෙදරය . අත්තම්මාගේ  මරනයෙන් පසු සියල්ල නැති  නාස්ති  වී ගියහ.  ගමේම පොහොසත්  වන්සවත් වලව්වක්  උනු එය අද  කිසිවකුගේ කිසිම සැලකිල්ලකට  ලක් නොවන්නකී අයියා සූදුවට ලොල් වී සියල්ල විනාස කර  මුලු  ලෝකයටම  ණය   කාරයකු වී මිය ගියහ .  නැවතත්  අම්මාගේ කට හඩ  ඇසිනි .
"චූටි  දුව දැන් ඇති නිදාගත්තා  මෙන්න මෙහෙ  එන්න   පොල් ටිකක් වත් ගාලාදීලා අද වගේ දවසකවත්  උදව්වක්  කරොත් නරකද "
      නිවාඩු දවසකටවත් සැනසීමේ නිදාගන්න නෑනේ දෙවියනේ  මේ මොන විකාරයක්ද මේ .  මැරිච්ච  මනුස්සයෙක්ට  කරන්න පුලුවන්  දෙයක්  තියෙයිද  ජීවත්වෙලා ඉන්න  මිනිස්සුන්ට බය වෙන්න  ඕනි  විකාර හණමිටි  අදහස් "  මම ටිකක් කේන්තියෙන් අම්මාට  පැවසීය  .
      උඹ මොනවද  බන්  දන්නේ  හොල්මන් , අවතාර ගැන  කොච්චර  සරුවට  අගේට හිටපු මිනිස්සුද මේ  සී සී කඩ  විසිරිලා ගිහින් තියෙන්නෙ . බලන බලන  හැම තැනින්ම කියන්නේ  මැරිච්ච  මිනිස්සු එකට එකතුවෙලා  කරදර කරනවා  කරන කියන කිසිම දෙයක්  සාර්ථක  වෙන්න දෙන් නෑ කියලා . ඉතින් බොරුද .  මේකෙ අවසානයක් තියෙන්න ඕනි  කොච්චර  නම් වියදම් කරාද  ඔය වෙනුවෙන්  මේ පාර නම් ඉවරයක් කරලාම දාන්න ඕනී මැරුනට පස්සේ නෑ කම් නෑ.
    අනේ අම්මාට ඕන දෙයක් කරගන්න අම්මේ  මම දන් නෑ ඔය මනස්ගාත .
   අම්මයි , මායි , ලොකු අම්මයි  තුන්දෙනාම ලෑස්ති වී බුලත්  තුරුල්ලක්ද රැගෙන  මහනුවර  හෑපානේ පිහිටි මාතර  කට්ටඩියන් පැමින  ගුරුකම් කරන පන්සලකට  ගියහ. මගේ සිතේ නම් ඔය හණමිටි  අදහස්  ගැන කිසිම  විස්වාසයක්  නොවිනි එහෙත් පන්සලකට  , දේවාලයකට  ගිය විට  මාගේ දෑත් වෙව්ලන ගතියක් විය අම්මාගේ   කරදරේ නිසා මමත් ඔව්න් සමග ඒ ගමනට  සහභාගි  උණි.
   ට්ක වේලාවකින්  ඔය මළගිය  ප්‍රාණකාරියකුගේ  හිරිහැර  විද ගැනීමට  නොහැකිව පැමිණ  සිටින  දරුවන් එන්න  යැයි කීහ.  මට හිනා ගියා පමණි මොකද මේ වගේ තැන් වලට කොහොමත් එන්නේ එහෙම මිනිස්සුනේ   අම්මා මා දෙස රවා බැලුවා  පමණි.
        මීට වසර පහකට විතර කලින් කාන්තා ප්‍රාණයක්  මේ දැරිවියන්ගේ ගෙදර දුක් විදලා මරනයට  පත්වෙලා  තියෙනවා  " හරිනම් හරි නැත්නම් නෑ කියහන් දරුවා"  කට්ටඩියාගේ හඩ සැර විය   " එහෙමයි දෙවියනේ එහෙමයි" ඒ ලොකු  අම්මා විය  පාලු කාමරයක් පෙන්වනවා  මේ කාමරේ  කුඩා දැරිවියක් පෙන්නුම් කරනවා  අදුරටමයි ප්‍රිය කරන්නේ  පිරිත් , ගාඨා කිසිවක් ඇහෙන්න  බෑ වෙව්ලනවා "  එහෙමයි දෙවියනේ එහෙමයි "බොහොම ඉක්මනින්  මේ ප්‍රාණකාරිය  මේ දැරිවියගේ ශරීරයෙන් ඉවත් කරන්න ඕනී  නැත්නම් මේ දැරිවියගේ  අනාගතය එහෙම් පිටිම්ම අදුරු වෙයි .
 මා හට  සිදු වූයේ කුමක්දැයි  අදහාගත නොහැකි විය .  විස්වාස නොකරත් යම් කිසි සත්තියක් ඇතැයි  මට සිතුනි . පසුදා අවශ්‍යකරන  බඩු සියල්ල රැගෙන  නැවත ගෙදර සියලු  දෙනාම පන්සල වෙත ගියහ.
    ගෙදර සියල්ලන්ම සිටියදී මා පමණක් ඉදිරියට රැගෙන ඒ අය මන්තර වගයක් ජප කලහ මාගේ මතකයේ ඇත්තෙ එපමණකි. මා බිම ඇදගෙන වැටී තිබුනි . අක්කා පැවසූ පරිදි  මාගේ කකුලක් කැඩුනාක් මෙන්  එක කකුලක් කොට වී  උකුල් ඇටය  උඩට ගොස් තිබුණි  . එයනම් අදහා ගත නොහැකි දෙයකී අත්තම්මා මියගොස් තිබුනේ ඇදෙන්  වැටී  කකුලක් කැඩී ගොස් ය.  මම වතුර ඉල්ලමින්  කෑ ගසා පන්සල  වටේ දුව ගොස්  තිබුණි. ඔව්න් පවසන්නේ මිය ගිය ආත්මය පිපාසෙන් මිය ගිය බවයි . මා හට ඒ කිසිවක් මතක නොවීය.  මෙසේ පැමිණි ප්‍රාණකාරියගෙන්  ඔව්න්  ප්‍රශ්න අසා ඇත . ඇය පවසා  තිබුනේ ඇය පලිගු මැණිකේ බවත්  ගෙදරින්වත්  මොව්න් එකෙක්වත් දාලා තනියම නොයන බවයි . මම මේ වතුර උගුරක්වත් නැතිව විදින දුක මුන්ටත්  දෙන බවටයි
       "ඉතින් මේ දැරිවි මොනවා කරාටද මේ දැරිවියට කරදර කරන්නේ "
  " මේකී මේවා විස්වාස කරන් නෑ  මේකි විදවනකොට මුන්ගේ මුලු පව්ලම විදවනවා. මන් ජීවතුන් අතර ඉන්නකොට මුන් එකෙක්වත්  මට සැලකුවේ නෑ බෙහෙතක් විදලා මාව මරලා දැම්මා"  යැයි පවසා තිබුණි.
       මට පැවසූ විට ඇස් අදහාගත නොහැකිවිය. කිසිවක් මාගේ මතකයේ නොමැත   . අවසානයේ  ශ්‍රී මහා බෝදියට නිදහස් කරන බව පවසා දානයක් දෙන බවට පොරොන්දු වී අටපිරිකර  පූජා කර ආත්මය නිදහස්කර තිබුණි.
     එසේ සිදුකර නැවත මාස ගනනකින් නැවත කරදර තිබෙන බව අම්මාගේ අදහස විය . "කොතරම්  දාන  මාන දුන්නත් මේක හරියන් නෑ.  ගෙදරින් ගෙදරට මාරු වෙවී වද දෙනවා පිං ගන්න පුලුවන් ආත්මයක් නම් මෙලහකට පිං අරගෙන ගිහින්  කීයක් ගියත් කමක් නෑ මේ පාර නම් මේ කරදරේ ආය නොයෙන්නම හිර කරලා දාන්න ඕනී" අම්මා තාත්තා අතින් පවසනවා මට ඇසිනි.   
         දින කීපයකින්  මාතර කට්ටඩියන්  හතර පස්  දෙනෙක් ගෙදරට පැමිණ සිටියහ .  හවස හයට පමණ ආරම්භ  කල තොවිලය උදේ පාන්දර හත විතර වන විටත් සිදු වුනි. රෑ එළි වෙනතෙක් පැවති  මෙහි පෙරේත තටු ආදී සියල්ල දී පෙරේත කොටුවට ප්‍රානකාරිය  ගතතයි ඔව්න් පැවසීය කවි ගායනා දුම්මලකීර ගැසීය.
    "අටු කොටුවල  ගෙයි මුලු වල  ඉන්න  එපා 
      ගෙට ඇවිදින් බඩු සගවා ගන්න          එපා
      වතු පිටි වල ගද කිලි වල ඉන්න          එපා
      තව දුරටත්  මළයකු මෙහි ඉන්න       එපා."

      ආදී ලෙස  කවි ගායනා ඉදිරිපත්  කර බෝතලයකට ආත්මය පැමිණි බව පවසා කොන්ක්‍රීට් අනා බෝතලය තුල සිර කර දැමීය.
      ගෙවල දොරවල් ආරක්ෂා  කර අවසානයේ කට්ටඩියන් පැවසුවේ  ආය කිසිම දේකට බය වෙන්න එපා නෝනා අදින් කරදර සියල්ල අවසානයි සම්පූර්න වගකීම අපි ගන්නවා නැවත මේ ප්‍රානකාරියට මෙහි පැමිණිය නොහැකි බවයි .
      මගේ ඇස් වලට කදුලු  පිරුනී මෙය සත්තියක්ද  නැත්නම්   මායාවක්ද යැයි තවමත් මා හට අදහාගත නොහැකිය.


එස් . ඒ .එස් ඩී . සෙනවිරත්න .
HS/2016/1080 
කැළණිය  විශ්වවිද්‍යාලය  
ජන සන්නිවේදන අධ්‍යන අංශය . 

Tuesday, 30 July 2019

කඩියන්ලෙන

කඩියන්ලෙන ඇල්ල එහෙමත් නැත්තම් කැටබුල ඇල්ල නමින් හදුන්වන මෙම දිය ඇල්ල ලංකාවේ තියන තවත් සුන්දර දියඇල්ලකි...

නාවලපිටිය - තලවාකැලේ මාර්ගයේ කිලෝමීටර් 10ක් පමණ ගිය පසු මෙම දිය ඇල්ල හමුවේ. මේ දියඇල්ල කඩියන්ලෙන නගරයේ පිහිටා ඇති නිසා කඩියන්ලෙන ඇල්ල නමින් සහ කැටබුල වතුයාය මැදින් ඇදහැලෙන නිසා කැටබුල දියඇල්ල නමිනුත් හදුන්වනු ලබයි..

දිය ඇල්ල අදියර තුනක් ලෙස කඩා හැලෙයි. දිය ඇල්ලේ තුන්වන කොටසට ඉහලින් ආරුක්කු තුනක් සහිත පාලමක් ඇති අතර ඒ මතින් නාවලපිටිය – තලවකැලේ මාර්ගය පිහිටා ඇත. එමනිසා ඔබට මාර්ගයේ සිට දැක ගත හැකි වන්නේ දිය ඇල්ලේ මාර්ගයෙන් ඉහළ කොටස් දෙකක පමණයි. නමුත් පාලමට අඩි 100 ක් පමණ ඔබ්බෙන් ඇති අඩි පාරක ගමන් කිරිමෙන් මාර්ගයෙන් පහත සිට දිය ඇල්ලේ සම්පූර්ණ දර්ශනය දැකගත හැකිය.

යන්න...
බලන්න...
විනාශ නොකර සුන්දරත්වය පමණක් විදගන්න...


Monday, 29 July 2019

සුන්දර නකල්ස් කදුවැටිය තරණය

අද කියන්න යන්නෙ රංගල තංගප්පුව හරහා නක්ල්ස් කදුවැටිය තරණය කර අප්‍රසිද්ද සුන්දර  දියඇල්ලක් ගැන.

උදේ තෙල්දෙණියෙන් ගමන ආරම්භ කර තංගප්පුව නම් සුන්දර ගම්මානය බලා ගමන් කරන විට ඒ මාර්ගයේ තවත් අතුරු මාර්ගයකින් nature pool නම් සුන්දර ස්ථානය දැක ගත හැක.මෙහි නෑම නම් නොකල යුතුය...එහි ගැඹුර අඩි 36 පමණ වන හෙයිනි.නෑමට අවශ්‍ය නම් එහි පාලමට පහලින් නාන්න පුලුවන්...

තංගප්පුවට යනවා කියන්නෙ නම් ලේසි ගමනක් නෙවෙයි මොකද ගොඩක් දුෂ්කර මාර්ගයක් තියෙන්නෙ.නමුත් බස් එකක් වැඩ කරනවා ඒ පාරේ..තංගප්පුව නගරයේ අපි යන වාහන දාලා එතන ඉදන් පයින් යන්න වෙනවා..පැය දෙකක විතර දුෂ්කර ගමනකින් පසු නක්ල්ස් වල ලොකුම දිය ඇල්ලේ ඉහලට ගමන් කරන්න පුලුවන්..

අපි සමග තංගප්පුව ගමේ ඉදං බල්ලො දෙන්නෙකුත් ගමනට එකතු උනා..අපි පහලට එනකන්ම උන් දෙන්නා අපි එක්කම හිටියා.

මේ දවස්වල නම් දිය ඇල්ලේ වතුර නෑ.පොඩි දිය පාරක් තමයි තියෙන්නෙ.ඒත් පොඩි වතුර පාරක් නිසාම එහි සුන්දරත්වය තවත් වැඩි උනා.මොකද එතනට ලොකු සුලගක් එනවා.ඒ සුලගට දිය ඇල්ලෙන් වැටෙන වතුර ටික ආයත් උඩට එනවා..ගිහින් දැකලම තමයි ඒ සුන්දරත්වය විදගන්න වෙන්නෙ...

එතනින් පහල ⁣දිය ඇලි කීපය්ම තියෙනවා.උඩම තියෙන දිය ඇල්ල තියෙන තැනට තමයි අපි ගියේ.එතනට පහල එක දිය ඇල්ලක් බලාගන්න පුලුවන්.

දවසක් ගත කරන්න සුන්දරම ස්ථානයක් එතන.ඒත් රෑ නවතිනවනම් අවසර ගන්න වෙනවා.

ඒ සුන්දරත්වය විද ගැනීමට යන ඔබ එහි දිවියන් සිටින බවද දැනගත යුතු අතර එහි දිරාපත් නොවන කැලිකසල නොදමා එන ලෙසද වග බලාගන්න.








Saturday, 29 June 2019

හුම්මානය

දකුණු වෙරලේ පිහිටි ස්වභාව ධර්මයා විසින් කරන ලද අපුරු නිර්මාණයකි හුම්මානය. මාතර – හම්බන්තොට මාර්ගයේ 184 කි.මි කනුව අයත් වන්නේ නාකුළුගමුවටයි. නාකුළුගමුවෙන් හැරී වෙරල තීරයට පිවිසිමට ප්‍රධාන මාර්ගයෙන් හැරී කි.මි1.5 පමන දුර ගෙවන විට කුඩා වැල්ල - වැලි කැලේ වෙරළ තීරයේ කදු ගැටයක් මත මෙම අපුරු ජල මල ස්ථානගතවේ. මුහුදු රැල්ලේ පීඩනයත් සමග විහිදී යාමට පෙර එක දිගට “ හුම්” ලෙසින් මුමනන හඩක් පිට කරනා බැවින් හුම්-ගාන ය හුම්මානය වු බවකි. අපේ රටේ ඇති මෙම හුම්මානය ලෝකයේ වෙනත් රටවල ඇති හුම්මාන හය අතරින් විශාලත්වයෙන් දෙවන තැන ගන්නා බව වාර්තා වේ.නිරිත  දිග මෝසම් වාරකන් සමයේ මුහුදු රල වේගවත්වු විට හුම්මානය වඩාත් ක්‍රීයාශීලි වි අඩි 40-50 පමන උසට අහස දෙසට ජල මලක්ව විහිදී යන අයුරු දක්නට ලැබීම අසිරියකි.


Friday, 28 June 2019

බෝපත් ඇල්ල

බෝපත් ඇල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශයේ අගලවත්ත නම් ගමේ පිහිටල තියෙන සුන්දර දියඇල්ලක්. මීටර් 30ක් උස මේ දිය ඇල්ලේ හැඩය බොහෝ දුරට බෝ කොළයක් වගේ පෙනෙන නිසා මේ දිය ඇල්ල බෝපත් ඇල්ල නමින් හඳුන්වනවා.

පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි.
බෝපත් ඇල්ල අද දේශීය සංචාරකයන්ගේ අවධාණය ලබාගත් සුන්දර ස්ථානයකි බෝපත් ඇල්ල වෙත
යාමට කොළඹ සිට රත්නපුර – කොළඹ ඒ 4 මාර්ගයේ එක් මාර්ගයක් හිග්ගස්හේන හන්දියෙනුත්, අනිත් මාර්ගය කුරුවිට පොලීසිය අසලිනුත් වැටී තිබේ. සමාන දුරක් ඇති මෙම ප්‍රවේශ මාර්ග දෙක ඔස්සේ මෙම දිය ඇල්ල වෙතට පිවිසිය හැකිය. බෝපත්ඇල්ල පිහිටි ගම් පියස අඟලවත්ත නමින් හැදින්වේ . ප්‍රධාන මාර්ගයේ සිට දුර කි.මි 03කි.


ඇලි හත

වනාන්තර කදු දිය ඇලි වලින් පරිපූර්ණ වූ දැරණියගල මෙම අපූරු ඇලි හත පිහිටා ඇත.මෙම වනයටම ආවේණික වූ සතුන් මෙහිදී දැක ගත හැක.මෙම ඇලි හත නැරඹීම සදහා අවිස්සාවේල්ල සිට දැරණියගලට ගොස් එහි සිට උඩ මාලිබොඩට යා යුතුය.එතැන් සිට ආසන්නව 17Km පමණ පයින් යාමට සිදුවේ.

ශ්‍රී ලංකාවේ දිය ඇලි දාමයන් අතුරින් වඩාත්ම සුන්දර සහ තරණය අපහසු  ඇලි හත. දිය ඇලි හතකින්   යුක්ත අතර  ඇලි හතේ පළමු ඇල්ල ඒ කියන්නෙ උඩම ඇල්ල අයිති වෙන්නෙ නුවරඑළිය දිස්ත්‍රික්කයටය.      

පහළම ඇල්ල අයිති කෑගල්ල දිස්ත්‍රික්කයට.    කඳු මුදුනක සිට ගලාගෙන එන ගඟක් ඇලි   හතක් එක ළඟ නිර්මාණය කරමින් පහලට කඩා වැටීම. ඇත්තටම මේ විශිෂ්ට පිහිටීම විශ්වාස කිරීමට අපහසු තරම් පුදුමාකාරයි කිවුවොත් නිවැරදියි.



Wednesday, 26 June 2019

බබරකන්ද දිය ඇල්ල

බඹරකන්ද දිය ඇල්ල ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන අතර එය ලෝකයේ  උසින් වැඩිම දිය ඇලි අතර 299 වන ස්ථානය දරයි.මීටර් 240.792 (අඩි 790) කින් උසකින් යුත් එය කලුපහන ප්‍රදේශයේ පිහිටා ඇත.

මේ සුන්දර දිය ඇල්ල තියෙන ඉඩමේ දිය ඇලි තුන හතරක් තියෙනවා. පහසුවෙන්ම යන්න පුළුවන් ඒකෙන් දෙකකට. මේ  ලස්සන දිය ඇලි තියෙන වත්තේ නිවාඩුවක් ගත කරන්න   බංගලාවක් තියෙනවා.

කොළඹ බදුල්ල පාරේ කලුපහන හන්දියෙන් හැරිලා කිලොමීටර් එකහමාරක් විතර ගියාම මේ බංගලාවට යන්න පුළුවන්. ඒ කියන්නේ මේක පිහිටලා තියෙන්නේ බඹරකන්ද දිය ඇල්ලට යන පාරේ. මෙතන ඉඳලා කිලෝමීටර් 5 ක වගේ දුරකින්  තමයි බඹරකන්ද දිය ඇල්ල පිහිටලා තියෙන්නේ. ඒවගේම දැන්ට ලංකාවේ තියෙන පැරිණිතම ශෙලමය පිළිමය දකින්නත් මේ බංගලාවේදි පුළුවන්. තව කටුගොඩැල්ල කියලා වැඩිය ප්‍රසිද්ධ නැති පෘතුගීසි කොටුවත් තියෙන්නේ මේ කිට්ටුවම තමයි.


බේකර්ස් ඇල්ල

බේකර්ස් දිය ඇල්ල මීටර් 20 ක් (අඩි 66ක්) උස් වන අතර වලවේ ගගේ ප්‍රධාන අතු ගංගාවක් වන බෙලිහුල් ඔය විසින් ‍‍බේකර්ස් ඇල්ල නිර්මාණය කෙරේ.

නෙත් සිත් වසඟ කරගන්නා වූ මේ සුන්දර දිවයිනේ මනස්කාන්ත දිය දහරාවක් වන මේ ඇල්ලට දිගු ඉතිහාසයක් ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට බේකර්ස් ඇල්ල අයත්හෝ වේ.හෝර්ටන් තැන්න පිවිසුමේ සිට කිලෝමීටර් 3 ක් පමණ දුරින් මෙය පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ ඇති දියඇලි අතුරින් දර්ශනීය දිය ඇල්ලක් වන බේකර්ස් ඇල්ල පෝෂණය වන්නේ බෙලිහුල් ඔයෙනි. එමෙන් ම, මේ ඇල්ලේ පෝෂක ප්‍රදේශය, පට්ටිපොළ හෝ ඔහිය වේ.

බේකර්ස් දිය ඇල්ල සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ සැමුවෙල් බේකර්ස්ට ය. බ්‍රිතාන්‍ය ජාතික දඩයක්කරුවකු වන මොහු, දිනක් දඩයමේ යන විට මේ දිය ඇල්ල දැක තිබේ. මේ දිය ඇල්ල 1845 වස‍රේදී බේකර්ස් විසින් සොයා ගත් නිසා, ඔහුට දක්වන ගෞරවයක් ලෙස ඔහුගේ නාමය දිය ඇල්ලට එක් කර තිබේ.

හොර්ටන් තැන්නට පිවිසෙන ඔබ මතු පරපුරටත් එහි සුන්දරත්වය විදගැනීමට හැකි වන පරිදි එහි ඔබේ පා සටහන් පමණක් තබා ඒමට කාරුණික වන්න



Monday, 24 June 2019

නානුඔය ඇල්ල

උඩරදැල්ල, බඹරකැලේ ප්‍රදෙශවලින් පෝෂණය වන නානුඔය, නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේදී ප්‍රපාතයකට ඇද හැලීමෙන් නානුඔය ඇල්ල නිර්මාණය වේ. පියවර 25කින් පමණ ඇදහැලෙන මෙම ඇල්ල, මහාමාර්ගයේ සිට නැරඹිය හැකි වුවත්, ඒ අසලට යාමට නම් නානුඔය දුම්රිය ස්ථානයෙන් බැස, කි.මි. 1.5 පමණ දුම්රිය මග ඔස්සේ යා යුතුය. නානුඔය කොත්මලා ඔය හා එක්වන අතර, එය මහවැලි ගඟෙහි ආරම්භක ශාඛාවකි. මි. 20ක් පමණ උසැති ග්ලාස්සෝ ඇල්ලද මීට මදක් දුරින් පිහිටා ඇත.දුම්රිය මාර්ගය නානුඔය ඇල්ලට ඉහලින් ගමන් කරන අතර ග්ලාස්සෝ ඇල්ලෙහි කොටසක් දුම්රියේ යන විට දැකගත හැක.

එතරම් උසකින් යුක්ත නොවුනත් ගල් කුලු පඩි පෙලක් ඔස්සේ දිය පහර ගලා බසින්නේ තේ වතු යායක් මැදින් ඔබගේ ඇස් මානයට තේ දලු නෙලන ලදුන්ගේ අලංකාර දසුනක් හසු කරවමිනි. දිය ඇල්ලට ඉහලින් තේ වතු යාය මැදි කරමින් වැටෙන දුම්රිය පාලමද නානුඔය ඇල්ලට තවත් රටාවක් එක් කරයි.
ඔබ සුන්දර ඡායාරූප එකතු කරන්නෙක්ද? සැඟවුනු සුන්දර ස්ථාන සොයා යන්නෙක්ද? පරිසරයේ සුන්දරත්වය නිහඩව විදින්නෙක්ද? එසේනම් සුන්දර නුවර එලියේ ඇවිද යන අතරතුර නානුඔය ඇල්ලේ පියසටහන් තබන්නටද අමතක නොකරන්න.


Tuesday, 18 June 2019

වේගා

ලොව පුරා විසිරී ඇති හොඳම තේ සඳහා දිවයිනේ පාරාදීසය වන ශ්‍රී ලංකාව, අශ්වබල 900 ක්, සියලු විදුලි සුපිරි මෝටර් රථයක් වන වීගා සමඟ මෝටර් රථ ලෝලීන්ගේ අවධානය දිනාගෙන තිබේ.

වේගා යනු සියලු විද්‍යුත් ත්‍රාසජනක යන්ත්‍රයක් ලෙස පමණක් නොව, උසස් ප්‍රවාහන තාක්‍ෂණයන් දියුණු කිරීමට ශ්‍රී ලාංකිකයින්ට ඇති හැකියාව පෙන්නුම් කරයි.

වේගා මෝටර් රථය නිසා දැන් අපිට Made In Sri Lanka කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් වාහනයක් තියෙනවා.හර්ෂ සුබසිංහ මහතාගේ මූලිකත්වයෙන් නිමවු වේගා ලංකාවට මහත් ආඩම්බරයක් ගෙන දෙයි.

වේගා හි වේගය තත්පර 4 තුලදී 0 සිට පැයට කිලෝමීටර් 60 දක්වා වේගයක් පැයට කිලෝමිටර් 280 ක  උපරිම වේගයක් දක්වා පවතී



Monday, 17 June 2019

බොහෝ දෙනාගේ නෙත නොගැටුණු ස්ථානයක්

ලංකා ඇල්ල

ලංකාවේ උසම දිය ඇල්ල වන බබරකන්ද දිය ඇල්ලේ සිට ටික දුරක් පා ගමනින් ලගා විය හැකි උසින් 12m ක් පමණ වන ලංකා ඇල්ල අති සුන්දර ස්ථානයකි. නමුත්  මේ ඇල්ල බොහෝ දෙනෙකුගේ නෙත ගැටිි නැත.

ඇල්ලට මේ නම ලැබීමට හේතු වී ඇත්තේ ඇල්ලේ ජලය වැටෙන තඨාකය ලංකා සිතියමේ හැඩය ගැනීම නිසයි.මේ තඨාකය ඉතා ගැඹුරු වන අතර ලංකා ඇල්ල සංචාරක ඔබට ස්නානය සදහා නම් කිසිසේත් සුදුසු නොවේ.සුවිසල් ගල් තලාවක් ඔස්සේ රූටා එමින් නිර්මානය වෙන මේ සුන්දර ඇල්ල අදටත් සංචාරකයන්ගේ පහස ඉතාමත් අඩුවෙන් ලබන නිසාම බොහෝම සුන්දර පරිසරයකට හිමිකම් කියනවා.

ලංකා ඇල්ලට යන ඔබට සුදුසුම කාලය වන්නේ මැයි ජූනි වැනි කාලය වන අතර එයට හේතුව ඇල්ලේ ජල මට්ටම උපරිම තලයක පිහිටීමයි.එසේ වුවත් වර්ශා කාලයේදී ෆයිනස් කැලය දිගේ ඉහලට යාම අපහසු විය හැකියි.මාන පදුරු සහිත ප්‍රදේශයේදී ඇතිවන සීරීම් වලින් වැලකීමට සුදුසු ඇදුම් භාවිතා කල යුතු අතර,කූඩැල්ලන් කෙරෙහිද අවධානය යොමු කල යුතුය.නිතරම වර්ෂාව සහිත වන බැවින් ඔබගේ දුරකතන කැමරා ආදිය ආරක්ශා කරගැනීමට සුදුසු ක්‍රමයක් යොදාගන්න.මෙම ගමනේදීම බබරකන්ද ඇල්ල මුදුනට යන්නේ නම් ක්ෂණික ගංවතුර පිලිබද සැලකිලිමත් වන්න.

මේ සුන්දර සොබාදහම දායාදය ඔබේ පණ සේම රැකගන්නට අමතක නොකරන්න.ඔබේ පිය සටහන් පමනක් ඉතිරි කර සුන්දර මතකයන් පමනක්ම රැගෙන එන්න.


Sunday, 2 June 2019

මුල්ගිරිගල විහාරය

මුල්ගිරිගල විහාරය

වීරකැටිය සහ බෙලිඅත්ත යන නගර සම්බන්ධ කෙරෙන ප්‍රධාන මාර්ගයේ උතුරු ගිරුවා පත්තුවේ මෙම විහාරය පිහිටා ඇත... තවද බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ ඕකෙවෙල මංසන්ධියෙන් හැරී 4Km ගිය පසු මෙ⁣ම විහාරය කරා ලගා විය හැක.

මුල්ගිරිගල රජමහා විහාරය සද්ධාතිස්‌ස රජු විසින් ඉදි කළේ යැයි විශ්වාස කෙරේ... මෙම විහාරය ඉදි වීම සම්බන්ධයෙන් ජන ප්‍රවාදයේ එන කතාවක්‌ද ප්‍රචලිත වී ඇත... දඩයම් සදහා කැලයෙහි ඇවිදිමින් සිටි වැද්දෙකුගේ නෙත ගැටුනු විශාල පර්වතයක්‌ පිලිබදව සද්ධාතිස්‌ස රජුට දැන්වූ ඔහු එහි පන්සලක්‌ තැංවීමට සුදුසු යැයිද පැවසීය...

පර්වතය දුටු රජතුමාද එහි පන්සලක්‌ ඉදි කිරීමට කටයුතු සලස්වා, වැද්දා කිව් ගල බැවින් "මූකිව්ගල" ලෙස පන්සල නම් කරන ලදි... කල් යාමේදී "මුල්කිරිගල" ලෙසත් අනතුරුව වර්තමානයේ "මුල්ගිරිගල"ලෙසත් පන්සල නම සහ ගමෙහි නම ව්‍යවහාර විය...

පහත මලුව, මැද මලුව, උඩ මලුව ලෙස මහල් තුනකින් සමන්විත විහාරය තුළ සැතපෙන බුදු පිළිම සහ හිටි බුදු පිළිමයක්‌ද පවතී. අති සුන්දර පෞරාණික බිතු සිතුවම් සහ පන්සලට ඇතුලු වන ස්‌ථානයෙහි පිහිටි පෞරාණික සදකඩපහනක්‌ ද ඇත...

විවිධ දේශගුණික කළාපයන්ගෙන් යුත් මෙම කොට්ඨාශය සැබවින්ම මනස්කාන්ත දර්ශනයන්ගෙන් හෙබියා වූද පැරණි වීරවරයන්ටද නිජභූමියක් වූද රමණීය ප්‍රදේශයකි.



Wednesday, 29 May 2019

සිතුල්පව්ව

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ මාගම්පත්තුවේ පිහිටා ඇති මේ පුද බිම “චිත්තපබ්බත” චිතලපවන” යන නම් වලින්ද හැඳින්වේ. පර්වතය මත ඉදි කළ චෛත්‍යයකි. මේ පුදබිම තනවා ඇත්තේ රුහුණු රට රජ පැමිණ රට කරවූ කාවන්තිස්ස රජතුමාය.
මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමන සිහිවීම සඳහා ආගමික උත්සව පැවැත්වෙන ප‍්‍රධාන ස්ථානය අනුරාධපුරයයි. දෙවන ස්ථානය වශයෙන් සැළකිය හැක්කේ සිතුල් පව්වයි.
දොළොස් දහසක් මහ රහතන් වහන්සේ වැඩ සිටි මෙම ඓතිහාසික සිතුල්පව්ව රජ මහා විහාරය අද අලි , කොටි, වලසුන්ගෙන් ගහණ මහ වනයක් මැද පිහිටා ඇති විහාරයක් බවට පත් වී තිබේ. මෙහි පිහිටීම සැලැස්ම සහ නිර්මාණය පුරාවිද්‍යාඥයින්ද මවිත කරවන්නකී.
මෙම පුදබිමේ පුරාවිද්‍යාත්මක අතින් වැදගත් වටිනාකමක් ඇති පැරණි , ස්ථූප ලෙන් විහාර බෝධි සත්ව පිළිම ආදිය දක්නට ලැබේ. ප‍්‍රජා ශාලාවක නටබුන් ද වේ. මෙහි ඇති චිත‍්‍ර සීගිරි සිතුවම් වලට වඩා පැරණි යැයි පුරාවිද්‍යාඥයෝ පවසති.


Tuesday, 28 May 2019

ජාතික නාමල් උයන

දඹුල්ල - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මඩාටුගම හන්දියෙන් හැරී 7km ක් පමණ ගමන් කළ පසු නාමල් උයන පිවිසුම් දොරටුවට ලගා විය හැකි අතර එතන් පටන් උද්‍යානය තුල පාගමනින් ගමන් කල යුතුය. මෙම ප්‍රදේශය වියලි  කළාපීය ශුෂ්ක පරිසරයක් වුවත් නා ගස් අතරින් වැටී ඇති ගමන් මග ගතට සිසිලසක් එක් කරන අතර  ඉතාමත් ආකර්ෂණීය පරිසරයක් මවා ඇත.

ජාතික නාමල් උයන, රෝස තිරුවානා කන්ද කඳු වැටි 7කින් සැදුම්ලන අතර එය දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳු පන්තිය ද වේ. නාමල් උයනේ අසිරිය වැඩි කරනුයේ රෝස තිරිවාන නිධිය නිසාය. මෙය අක්කර 250 ක් පමණ පෙදෙසක විසිර ඇත.මෙහිදී සාමාන්‍ය පරිසරයේ දකින නා විශේෂයන්ට වඩා අතු ‍‍‍බෙදුණු විශාල නා කඳන් සහිත නා ගස් දැකීමට හැකි අතර නා පත්‍ර දළු අවධියේ දී රක්ත වර්ණයෙන් දිස්වන අතර පරිණත වන විට දී දිලිසෙන තද කොළ පැහැයෙන් දැකීමට හැකිවීම කැපී පෙනෙන ලක්‍ෂණයකි.මෙහිදී ශ්‍රී ලංකාවේ දැකිය හැකි අඩි 60 ක පමණ වට ප්‍රමාණයෙන් යුක්ත වූ විශාලතම නා ගස ද මෙම වනය තුළ දැක ගත හැකිය.
මෙම ස්ථානය නැරඹීමට ඔබ සියලුදෙනාට ආරාධනා කරන අතර එහි සුන්දරත්වයට හානි නොවන සේ කටයුතු කිරීම ඔබ සතු වගකීමකි




Monday, 27 May 2019

රිටිගල රක්ෂිතය

රිටිගල

උතුරු මැද පළාතේ,අනුරාධපුරයට නුදුරින් රිටිගල කන්ද පිහිටා ඇත. පලුගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම්ව රිටිගල පිහිටා ඇත. හබරණ අනුරාධපුර මාර්ගයේ ගලපිටිගල හා ගනේවල්පොල අතර දකුණු පසින් අක්කර 7200ක පමණ රමණීය භූමි භාගයක් මෙම වනපියසින් වැසී ඇත්තේය.

තනි කළුගලින් නිමැවූ අරුම පුදුම නිර්මාණ  රාශියක් ඉතාම ජ්‍යාමිතික හැඩතල වලට නිමැවූ ගල් කුට්ටි එසේ නිර්මාණය කිරිමට යොදාගත් තාක්ෂණය තබා රිටිගල මුදුනට මේ සා විශාල ගල් කුට්ටි රැගෙන ගිය ආකාරය පිළිබඳව ඔබටම පුදුම හිතේවි .

ත්‍රිමාණ තාක්ෂණය පිළිබඳව ලෝකයාගෙ කතාබහක් ඇති වීමට වසර දහස් ගනනකට පෙර මෙරට සිව්හෙළයින් ත්‍රිමාණ සිතුවම් ගල් පුවරු වල කැටයම් කොට අවසන් ..

පිහිටි ගලපිටගල මංසන්ධියෙන් මෙම ස්ථානයකට ලගාවිය හ නැරබීමට පැමිනෙන ඔබ. වනසතුන්ගෙන් ආරක්ෂා වීමටත්. පරිසරය විනාශ නොකිරීමටත් වගබලාගන්න.






Sunday, 26 May 2019

සුන්දර ශ්‍රී ලංකාවේ පහන් තුඩාව දිය ඇල්ල

පහන් තුඩාව                                                                  

පහන් තුඩාව සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමනල වැව සංචාරක කලාපයේ බෙලිහුල්ඔය පිහිටා ඇත.ස්වභාවික හා පාරිසරික සංචරණයට ලැදි සෑම අයෙක් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු සුන්දර ස්ථානයක් ලෙස මෙම පහන්තුඩාව හැඳින්විය හැකි ය.

මෙම පහන්තුඩාව ලංකාවේ දියඇලි අතුරෙන් තවත් එක් සුවිශේෂි නිර්මාණයකි.ඊට හේතුව එහි පිහිටීම හා ස්වභාවයයි.මෙම දිය ඇල්ලට පහන්තුඩාව යන නම ලැබෙන්නේද එහි ස්වභාවික පිහිටීම නිසාය .මෙම දියඇල්ලේ වතුර වැටෙන ජල තටාකය පහනක හැඩයෙන් යුක්තය.එම ජල තටාකයට දිය ඇල්ලෙන් වතුර වැටෙන්නේ පහනක තිරයක විලාසයෙනි.එනිසා මෙය පහන්තුඩාව ඇල යනුවෙන් ව්‍යවහාර වී ඇත.

මෙම දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් අනූන සුන්දර පරිසර පද්ධතියක පිහිටා තිබීම තවත් වැදගත් අංගයකි.වටිනා ශාක විශේෂ ,සත්ත්ව විශේෂ මෙම පරිසර පද්ධතිය තුළ දැක ගත හැකිය.මෙම දිය ඇල්ල සම්බන්ධව විවිධ ජනප්‍රවාද පවතී. එක්තරා මිනිසෙකු ඇති වූ පවුල් ආරවුලක් නිසා මෙම ස්ථානයේ ඇති ගලෙහි යමක් කොටා බඩෙහි ගලක් බැඳගෙන මෙම ස්ථානයට පනින ලද බව කියනු ලැබේ.මෙම ස්ථානයේ දිය නෑම තරමක් ත්‍රාසජනක මෙන්ම අවධානම් සහගතය.අධික ගැඹුරක් පවතින බවත් එහි පතුළ සොයා ගැනීමට පවා නොහැකි බව ගම්මුන් පවසති.

ස්වභාව දහමේ මනහර නිමවුමකැයි හඳුනාගත හැකි පහන්තුඩාව ඇල්ල මතුවටත් ආරක්ෂා කර ගැනීම නැරඹීමට එන ඔබ සතු වගකීමකි..




Saturday, 25 May 2019

දොරකඩ විහාරය

දොරකඩ විහාරය ..

අද මිනිසුන් වඩාත්ම ප්‍රිය  කරන්නේ විවේකයක් ලැබුනු සැනින්  දුර්ලභ  හාස්‍යජනක  මනස  වශීකරවන  සුන්දර  තැන් සියසින් දැකබලා ගැනීමටයි . ඉතින්  ඒ වගේ නෙත් වශීකරවන  තැනක් තමයි මේ කොත්මලේ  විහාරය
         ඉතින්  යාලුවනේ  මොකද්ද  මේ  දොරකඩ විහාරය කියන්නෙ අතීතයේ වර්ශාව අධික කාල වලදී කොත්මලේ  ජලකද පිටාර ගැලීම නිසා කඩදොර හා ඒ ආශ්‍රිත ගම් විටින් විට ගන්වතුරින් යට විය එයට  පිළියමක්  ලෙස  වේල්ලක් සෑදීමේ අවශ්‍යතාවය  තේරුම්ගෙන එම  නිසා මහවැලි  සංවර්ධන  වැඩසටහනේ  වැඩපිළිවෙළක්  මත 1979 එම ප්‍රදේශයේ  කොත්මලේ  ජලාශයේ වැඩ කටයුතු  ආරම්භ කර 1985 හේ එය විවෘත කරන ලදී
         එම ජලාශය ඉදිකිරීමේදී කඩදොර කන්ද  හා තිස්පනේ කන්ද  ආශ්‍රිතව තිබූ ගම් හා විහාරස්ථාන විශාල   ප්‍රමාණයක්  යටවූ  බව සදහන්  වේ.  ඉතින්  මේ  කොත්මලේ ජලාශය  ඉදිකිරීමේදී යට වී ගිය කඩදොර විහාරය වර්ශාව  අඩු කාලවලදී කොත්මලේ  ජලාශයේන් මතුවී තිබීම දැකගත හැකි වේ.
   වැසි නොමැති  නියන් සමයේ පමනක් කලාතුරකින්  දැකගතහැකි  මෙම විහාරය  නැරඹීමට  නන් දෙසින් ජනයා පැමිණේ  මෙහි විශේෂත්වයක් නම්  කලාතුරකින්  ජලයෙන් පිටතට මතු වුවද වැඩි කාලයක් ජලය තුල කිදා බැස තිබුනද  නටබුන් වලට  කිසිදු හානියක් නොවී තිබීමයි
  ඉතින් ඔබටත්   හැකිනම්  කලකදී පමනක්  ජලයෙන් මතු වන මෙම විහාරය  දැක බලා ගන්න .  යන්න ඕනී ලේසිම විදිහ  මම කියන්නම් ..
 නුවර හෝ කොළඹ සිට පැමිණෙනවා නම් ගම්පොල පසුකර මඳ දුරක් ගිය විට කොත්මලේ ජලාශයට යන මාර්ගය හමුවේ ..එම මාර්ගයේ කිලෝමීටර් 18ක් පමණ ගිය තැන කොත්මලේ ජලාශය හමුවේ.
පොදු ප්‍රවාහන මාධ්‍ය යොදාගන්නවා නම් ගම්පොල සිට මාවෙල දක්වා ධාවනය වන බස් රථවල මෙම ස්ථානයට යා හැකියි..



Tuesday, 21 May 2019

ජපානයේ සුප්‍රකට බුලට් විදුලි දුම්රිය මීළඟ පරම්පරාවේ දුම්රිය අත් හදා ඇති අතර එහි වේග සීමාව නව වාර්තාවක් පිහිටුවා ඇති බව ටෝකියෝ වාර්තා සදහන් කරයි.
ඉදිරියේදී මගීන් රැගෙන යාමට යොදවන එම දුම්රිය අත් හදා බැලීමේ ගමනේදී පැයට කිලෝමීටර් 320ක වේගයක් වාර්තා කර ඇති බව සදහන් වේ.
ඉදිරි දශකය තුල එම දුම්රිය පැයට කිලෝමීටර් 360 අභිබවා යන බව ජපාන දුම්රිය සේවාව සදහන් කරයි.ඇල්ෆා - එක්ස් ලෙස නම් කර ඇති මෙ⁣ම දුම්රිය තැනීමට යෙන් බිලියන 10 ක් වැය වන අතර එවැනි දුම්රිය 10ක් 2030 වසරේ සිට ෂින්කන්සෙන් විදුලි දුම්රිය සේවාවට එක් කිරීමට ජපානය අපේක්ෂා කරයි.

Monday, 20 May 2019

Cricket world cup 2k19

*ICC CRICKET WORLD CUP 2019*😍😍😍

30 May 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿ENG vs 🇿🇦RSA 2:30pm
31 May 🇵🇰PAK vs 🇪🇸WI 2:30pm
01 June 🇳🇿NZ vs 🇱🇰SL
01 June 🇦🇫AFG vs 🇬🇧AUS 5:30pm
02 June 🇿🇦RSA vs 🇧🇩BD 2:30pm
03 June 🇵🇰PAK vs 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿ENG 2:30pm
04 June 🇦🇫AFG vs 🇱🇰SL 2:30pm
05 June 🇿🇦RSA vs 🇮🇳IND 2:30pm
05 June 🇧🇩BD vs 🇳🇿NZ 5:30pm
06 June 🇬🇧AUS vs 🇪🇸WI 2:30pm
07 June 🇵🇰PAK vs 🇱🇰SL 2:30pm
08 June 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿ENG vs 🇧🇩BD 2:30pm
08 June 🇦🇫AFG vs 🇳🇿NZ 5:30pm
09 June 🇮🇳IND vs 🇬🇧AUS 2:30pm
10 June 🇿🇦RSA vs 🇪🇸WI 2:30pm
11 June 🇧🇩BD vs 🇱🇰SL 2:30pm
12 June 🇵🇰PAK vs 🇬🇧AUS 2:30pm
13 June 🇮🇳IND vs 🇳🇿NZ 2:30pm
14 June 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿ENG vs 🇪🇸WI 2:30pm
15 June 🇱🇰SL vs 🇬🇧AUS 2:30pm
15 June 🇿🇦RSA vs 🇦🇫AFG 5:30pm
*16 June 🇵🇰PAK vs 🇮🇳IND 2:30pm*
17 June 🇪🇸WI vs 🇧🇩BD 2:30pm
18 June 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿ENG vs 🇦🇫AFG 2:30pm
19 June 🇳🇿NZ vs 🇿🇦RSA 2:30pm
20 June 🇬🇧AUS vs 🇧🇩BD 2:30pm
21 June 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿ENG vs 🇱🇰SL 2:30pm
22 June 🇮🇳IND vs 🇦🇫AFG 2:30pm
22 June 🇪🇸WI vs 🇳🇿NZ 5:30pm
23 June 🇵🇰PAK vs 🇿🇦RSA 2:30pm
24 June 🇧🇩BD vs 🇦🇫AFG 2:30pm
25 June 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿ENG vs 🇬🇧AUS 2:30pm
26 June 🇵🇰PAK vs 🇳🇿NZ 2:30pm
27 June 🇪🇸WI vs 🇮🇳IND 2:30pm
28 June 🇱🇰SL vs 🇿🇦RSA 2:30pm
29 June 🇵🇰PAK vs 🇦🇫AFG 2:30pm
29 June 🇳🇿NZ vs 🇬🇧AUS 5:30pm
30 June 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿ENG vs 🇮🇳IND 2:30pm
01 July  🇱🇰SL vs 🇪🇸WI 2:30pm
02 July 🇧🇩BD vs 🇮🇳IND 2:30pm
03 July 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿ENG vs 🇳🇿NZ  2:30pm
04 July 🇦🇫AFG vs 🇪🇸WI 2:30pm
05 July 🇵🇰PAK vs 🇧🇩BD 2:30pm
06 July 🇱🇰SL vs 🇮🇳IND 2:30pm
06 July 🇬🇧AUS vs 🇿🇦RSA 2:30pm

*09 July 1st Semi Final 2:30pm*

*11 July 2nd Semi Final 2:30pm*

*14 JULY FINALS 2:30PM*
www.cricket.com

Sunday, 19 May 2019

Huawei දුරකථන සදහා Google සහාය නවතී

👉ඔබ සතුව ඇති කිසිදු Huawei ජංගම දුරකතනයකට මින් ඉදිරියට Google Security Updates සහ Technical Support නොලැබෙනු ඇති..

👉ඉදිරියේදී නිකුත්වන Huawei දුරකතන සදහා Open Source License යටතේ Android මෙහෙයුම් පද්ධතිය ලබා දුන්නද, Gmail, Google Play, Google Maps, YouTube වැනි කිසිදු සේවාවාක් එම දුරකතනවලට හිමි නොවනු ඇත..

👉Huawei යනු චීනය තුල ගොඩනැගුනු සමාගමකි. චීනය තුල මෙම Google Apps බොහෝමයක් අතීතයේ සිටම එරට රජය විසින් තහනම් කර තිබූ නිසා Huawei ආයතනයට එය එතරම් බලපෑමක් නොවේ.. නමුත් ඔවුන්ගේ මූලික ඉලක්කය වී ඇත්තේ ගෝලීය වෙළදපොළයි.. එම නිසා හැකි ඉක්මනින් නැවතත් Google සමාගම සමග ගිවිසුමකට එලබීම හෝ තමන්ටම ආවේනික වූ අන්තර්ජාල සේවාවන් ගොඩනගාගැනීමට Huawei ආයතනයට සිදුවී ඇත.. මෙම අවධානම පිළිබද පසුගිය මාරිතු මාසයේදී Huawei ආයතනයෙන් විමසූ විට ඔවුන් සදහන් කරේ Google ආයතනයට කිසි ලෙසකින් තම සමාගම වාරණය කිරීමට හැකියාවක් නොමැති බවයි, නමුත් මෙම වාරණයෙන් පසු Huawei ආයතනය තවමත් මේ පිළිබද කිසිවක් සදහන් කර නැත..
Huawei දුරකථන සදහා Google වාරණයක් www.hatarawate.com
ගලබොඩ ඇල්ල

ලංකාවේ දියඇලි අතරින්  ජනප්‍රිය දිය ඇලි වගේම බෙහෝ දෙනා නොදන්නා සුන්දර දිය ඇලි තියෙනවා.ගලබොඩ කියන්නෙ ඒ වගෙ සුන්දර මනරම් දියඇල්ලක්. මේ දිය ඇල්ල බලන්න යන්න තියෙන ලේසිම ක්‍රමය තමයි කෝචිචියෙන් යන එක. මෙතෙන්ට ලඟා වෙන්න උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය පහු කළාට පස්සේ හමු වෙන දෙවන දුම්රිය ස්ථානය වන “ගල්බොඩ“ දුම්රිය ස්ථානයෙන් බැහැලා යන්න ඕන
 උසින් මීටර් 30ක් පළලින් මීටර් 20 වන මෙ දියඇල්ල වර්ෂා දිනවලදි ඉතාම සුන්දර ස්වභාවකයක් ගනු ලබයි...හරිත වර්ණවත් පරිසරයක  පිහිටි මෙම දියඇල්ල කලකදි ශ්‍රි ලංකාවේ ඉතා පිරිසිදු ජලය සහිත වු ජල පෝෂක ප්‍රදේශයකි.......වර්තමානයේදි සංචාරක ආකර්ෂණය නිසා කිසියම් වු බලපෑමකට ලක් වූවද තවමත් එම පරිසරයේ සුන්දරත්වය නම් බිදක් හෝ අඩුව නොමැත...ඔබත් පරිසරයට ආදරය දක්වන සංචාරකයෙක් ලෙස මෙම ස්ථානයට පැමිනියාට කම් නැත.......ඔබගේ පා සටහන් පමණක් මෙහි තබා සුන්දර මතකයන් රැගෙන යන්න

#හතරවටේ

Friday, 26 April 2019

SLT සහ Mobitel ජාල තුල අද ගාස්තුවලින් නිදහස්

SLT සහ මොබිටෙල් ජාල තුළ අද සවස 6.00 සිට  හෙට දින සවස 6.00 දක්වා  ගාස්තුවලින් නිදහස් කර තිබේ.

මෙම  ජාතික ව්‍යසන අවස්ථාවේදී  ඔබගේ හදිසි අවශ්‍යතා සඳහා පමණක් මෙම ගාස්තු නිදහස් පහසුකම පාවිච්චි කරන මෙන්ද සියලු දෙනාගේ පාවිච්චිය සඳහා හැකි තරම් මෙම දුරකථන කාලය කෙටි කරන ලෙසද  ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය මොබිටෙල් සමග ඔබ වෙතින් ඉල්ලා සිටියි.

Thursday, 25 April 2019

ආරක්ෂක ලේකම් ඉල්ලා අස් වෙයි

ආරක්ෂක ලේකම් ඉල්ලා අස් වෙයි
නමුත් ඔහුට දඩුවම් දිය යුතු නොවේද??