උඩරදැල්ල, බඹරකැලේ ප්රදෙශවලින් පෝෂණය වන නානුඔය, නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේදී ප්රපාතයකට ඇද හැලීමෙන් නානුඔය ඇල්ල නිර්මාණය වේ. පියවර 25කින් පමණ ඇදහැලෙන මෙම ඇල්ල, මහාමාර්ගයේ සිට නැරඹිය හැකි වුවත්, ඒ අසලට යාමට නම් නානුඔය දුම්රිය ස්ථානයෙන් බැස, කි.මි. 1.5 පමණ දුම්රිය මග ඔස්සේ යා යුතුය. නානුඔය කොත්මලා ඔය හා එක්වන අතර, එය මහවැලි ගඟෙහි ආරම්භක ශාඛාවකි. මි. 20ක් පමණ උසැති ග්ලාස්සෝ ඇල්ලද මීට මදක් දුරින් පිහිටා ඇත.දුම්රිය මාර්ගය නානුඔය ඇල්ලට ඉහලින් ගමන් කරන අතර ග්ලාස්සෝ ඇල්ලෙහි කොටසක් දුම්රියේ යන විට දැකගත හැක.
එතරම් උසකින් යුක්ත නොවුනත් ගල් කුලු පඩි පෙලක් ඔස්සේ දිය පහර ගලා බසින්නේ තේ වතු යායක් මැදින් ඔබගේ ඇස් මානයට තේ දලු නෙලන ලදුන්ගේ අලංකාර දසුනක් හසු කරවමිනි. දිය ඇල්ලට ඉහලින් තේ වතු යාය මැදි කරමින් වැටෙන දුම්රිය පාලමද නානුඔය ඇල්ලට තවත් රටාවක් එක් කරයි.
ඔබ සුන්දර ඡායාරූප එකතු කරන්නෙක්ද? සැඟවුනු සුන්දර ස්ථාන සොයා යන්නෙක්ද? පරිසරයේ සුන්දරත්වය නිහඩව විදින්නෙක්ද? එසේනම් සුන්දර නුවර එලියේ ඇවිද යන අතරතුර නානුඔය ඇල්ලේ පියසටහන් තබන්නටද අමතක නොකරන්න.
super
ReplyDeleteElama
ReplyDeleteසුපිරි
ReplyDelete❤❤❤
ReplyDelete