සවස් ජාමය වෙද්දි වැවට වතුර බීමට පැමිණෙන අලි ඇතුන් තම කිරට නමනා කුඹුර දෙසට පැමිණෙදැයි බයෙන් හා සැකයෙන් සිටින ගොවීන් අලි දෙස බලා සිටී..
කළුවර වැටි එන මොහොත සුන්දර මනස්කාන්ත දසුනක් වුවත් එය ගොවීන්ටනම් එ් තරම් සුන්දර නොවේ..කොහෙන් පිට වැටක් කඩාගෙන අලි තමන්ගෙ බෝග විනාශ කිරීමට එයි දැයි බලා සිටීමට සිදු වීමෙනි..
කුඹුරට පිටින් කුඹුර වටේට ඇද ඇති නූල් වල ගැට ගසා ඇති බෝතල් එකිනෙක ගැටෙන ශබ්දය මගින් අලියෙකු හෝ කිසියම් විශාල සතෙකු තම කුඹුර වෙතට එන වග ගොවීන් සඥා කර ගනී.
ගොවීන්ගෙ කනට හුරු වී ඇති බෝතල් ගැටෙන ශබ්දය ඇසුන විගස මැදියම් රැයේ වුවත් කුඹුරු යායෙම ගොවීන් එකට එකතු වී කෑ ගසා අලින් එලවා තම කුඹුර රැක ගනී..එක් දවසකට එය ගොඩක් සුන්දර අත්දැකීමක් වුවත් තම දරුවන් ජීවත් කිරීමට, තම ආහාර වේල සපුරා ගැනීමට ඔවුන් දරන වෑයම සුලුපටු වන්නක් නොවේ..
No comments:
Post a Comment