අද මිනිසුන් වඩාත්ම ප්‍රිය කරන්නේ විවේකයක් ලැබුනු සැනින් දුර්ලභ හාස්‍යජනක මනස වශීකරවන සුන්දර තැන් සියසින් දැකබලා ගැනීමටයි . ඉතින් ඒ වගේ නෙත් වශීකරවන තැනක් තමයි මේ කොත්මලේ විහාරය
ඉතින් යාලුවනේ මොකද්ද මේ දොරකඩ විහාරය කියන්නෙ අතීතයේ වර්ශාව අධික කාල වලදී කොත්මලේ ජලකද පිටාර ගැලීම නිසා කඩදොර හා ඒ ආශ්රිත ගම් විටින් විට ගන්වතුරින් යට විය එයට පිළියමක් ලෙස වේල්ලක් සෑදීමේ අවශ්‍යතාවය තේරුම්ගෙන එම නිසා මහවැලි සංවර්ධන වැඩසටහනේ වැඩපිළිවෙළක් මත 1979 එම ප්‍රදේශයේ කොත්මලේ ජලාශයේ වැඩ කටයුතු ආරම්භ කර 1985 හේ එය විවෘත කරන ලදී
එම ජලාශය ඉදිකිරීමේදී කඩදොර කන්ද හා තිස්පනේ කන්ද ආශ්‍රිතව තිබූ ගම් හා විහාරස්ථාන විශාල ප්‍රමාණයක් යටවූ බව සදහන් වේ. ඉතින් මේ කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී යට වී ගිය කඩදොර විහාරය වර්ශාව අඩු කාලවලදී කොත්මලේ ජලාශයේන් මතුවී තිබීම දැකගත හැකි වේ.
වැසි නොමැති නියන් සමයේ පමනක් කලාතුරකින් දැකගතහැකි මෙම විහාරය නැරඹීමට නන් දෙසින් ජනයා පැමිණේ මෙහි විශේෂත්වයක් නම් කලාතුරකින් ජලයෙන් පිටතට මතු වුවද වැඩි කාලයක් ජලය තුල කිදා බැස තිබුනද නටබුන් වලට කිසිදු හානියක් නොවී තිබීමයි
ඉතින් ඔබටත් හැකිනම් කලකදී පමනක් ජලයෙන් මතු වන මෙම විහාරය දැක බලා ගන්න . යන්න ඕනී ලේසිම විදිහ මම කියන්නම් ..
නුවර හෝ කොළඹ සිට පැමිණෙනවා නම් ගම්පොල පසුකර මඳ දුරක් ගිය විට කොත්මලේ ජලාශයට යන මාර්ගය හමුවේ ..එම මාර්ගයේ කිලෝමීටර් 18ක් පමණ ගිය තැන කොත්මලේ ජලාශය හමුවේ.
පොදු ප්‍රවාහන මාධ්‍ය යොදාගන්නවා නම් ගම්පොල සිට මාවෙල දක්වා ධාවනය වන බස් රථවල මෙම ස්ථානයට යා හැකියි..
👍👍
ReplyDelete😍😍😍😍
ReplyDelete