MACO

Wednesday, 26 June 2019

බේකර්ස් ඇල්ල

බේකර්ස් දිය ඇල්ල මීටර් 20 ක් (අඩි 66ක්) උස් වන අතර වලවේ ගගේ ප්‍රධාන අතු ගංගාවක් වන බෙලිහුල් ඔය විසින් ‍‍බේකර්ස් ඇල්ල නිර්මාණය කෙරේ.

නෙත් සිත් වසඟ කරගන්නා වූ මේ සුන්දර දිවයිනේ මනස්කාන්ත දිය දහරාවක් වන මේ ඇල්ලට දිගු ඉතිහාසයක් ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට බේකර්ස් ඇල්ල අයත්හෝ වේ.හෝර්ටන් තැන්න පිවිසුමේ සිට කිලෝමීටර් 3 ක් පමණ දුරින් මෙය පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ ඇති දියඇලි අතුරින් දර්ශනීය දිය ඇල්ලක් වන බේකර්ස් ඇල්ල පෝෂණය වන්නේ බෙලිහුල් ඔයෙනි. එමෙන් ම, මේ ඇල්ලේ පෝෂක ප්‍රදේශය, පට්ටිපොළ හෝ ඔහිය වේ.

බේකර්ස් දිය ඇල්ල සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ සැමුවෙල් බේකර්ස්ට ය. බ්‍රිතාන්‍ය ජාතික දඩයක්කරුවකු වන මොහු, දිනක් දඩයමේ යන විට මේ දිය ඇල්ල දැක තිබේ. මේ දිය ඇල්ල 1845 වස‍රේදී බේකර්ස් විසින් සොයා ගත් නිසා, ඔහුට දක්වන ගෞරවයක් ලෙස ඔහුගේ නාමය දිය ඇල්ලට එක් කර තිබේ.

හොර්ටන් තැන්නට පිවිසෙන ඔබ මතු පරපුරටත් එහි සුන්දරත්වය විදගැනීමට හැකි වන පරිදි එහි ඔබේ පා සටහන් පමණක් තබා ඒමට කාරුණික වන්න



1 comment: