MACO

Sunday, 26 May 2019

සුන්දර ශ්‍රී ලංකාවේ පහන් තුඩාව දිය ඇල්ල

පහන් තුඩාව                                                                  

පහන් තුඩාව සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමනල වැව සංචාරක කලාපයේ බෙලිහුල්ඔය පිහිටා ඇත.ස්වභාවික හා පාරිසරික සංචරණයට ලැදි සෑම අයෙක් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු සුන්දර ස්ථානයක් ලෙස මෙම පහන්තුඩාව හැඳින්විය හැකි ය.

මෙම පහන්තුඩාව ලංකාවේ දියඇලි අතුරෙන් තවත් එක් සුවිශේෂි නිර්මාණයකි.ඊට හේතුව එහි පිහිටීම හා ස්වභාවයයි.මෙම දිය ඇල්ලට පහන්තුඩාව යන නම ලැබෙන්නේද එහි ස්වභාවික පිහිටීම නිසාය .මෙම දියඇල්ලේ වතුර වැටෙන ජල තටාකය පහනක හැඩයෙන් යුක්තය.එම ජල තටාකයට දිය ඇල්ලෙන් වතුර වැටෙන්නේ පහනක තිරයක විලාසයෙනි.එනිසා මෙය පහන්තුඩාව ඇල යනුවෙන් ව්‍යවහාර වී ඇත.

මෙම දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් අනූන සුන්දර පරිසර පද්ධතියක පිහිටා තිබීම තවත් වැදගත් අංගයකි.වටිනා ශාක විශේෂ ,සත්ත්ව විශේෂ මෙම පරිසර පද්ධතිය තුළ දැක ගත හැකිය.මෙම දිය ඇල්ල සම්බන්ධව විවිධ ජනප්‍රවාද පවතී. එක්තරා මිනිසෙකු ඇති වූ පවුල් ආරවුලක් නිසා මෙම ස්ථානයේ ඇති ගලෙහි යමක් කොටා බඩෙහි ගලක් බැඳගෙන මෙම ස්ථානයට පනින ලද බව කියනු ලැබේ.මෙම ස්ථානයේ දිය නෑම තරමක් ත්‍රාසජනක මෙන්ම අවධානම් සහගතය.අධික ගැඹුරක් පවතින බවත් එහි පතුළ සොයා ගැනීමට පවා නොහැකි බව ගම්මුන් පවසති.

ස්වභාව දහමේ මනහර නිමවුමකැයි හඳුනාගත හැකි පහන්තුඩාව ඇල්ල මතුවටත් ආරක්ෂා කර ගැනීම නැරඹීමට එන ඔබ සතු වගකීමකි..




3 comments: