MACO

Tuesday, 28 May 2019

ජාතික නාමල් උයන

දඹුල්ල - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මඩාටුගම හන්දියෙන් හැරී 7km ක් පමණ ගමන් කළ පසු නාමල් උයන පිවිසුම් දොරටුවට ලගා විය හැකි අතර එතන් පටන් උද්‍යානය තුල පාගමනින් ගමන් කල යුතුය. මෙම ප්‍රදේශය වියලි  කළාපීය ශුෂ්ක පරිසරයක් වුවත් නා ගස් අතරින් වැටී ඇති ගමන් මග ගතට සිසිලසක් එක් කරන අතර  ඉතාමත් ආකර්ෂණීය පරිසරයක් මවා ඇත.

ජාතික නාමල් උයන, රෝස තිරුවානා කන්ද කඳු වැටි 7කින් සැදුම්ලන අතර එය දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳු පන්තිය ද වේ. නාමල් උයනේ අසිරිය වැඩි කරනුයේ රෝස තිරිවාන නිධිය නිසාය. මෙය අක්කර 250 ක් පමණ පෙදෙසක විසිර ඇත.මෙහිදී සාමාන්‍ය පරිසරයේ දකින නා විශේෂයන්ට වඩා අතු ‍‍‍බෙදුණු විශාල නා කඳන් සහිත නා ගස් දැකීමට හැකි අතර නා පත්‍ර දළු අවධියේ දී රක්ත වර්ණයෙන් දිස්වන අතර පරිණත වන විට දී දිලිසෙන තද කොළ පැහැයෙන් දැකීමට හැකිවීම කැපී පෙනෙන ලක්‍ෂණයකි.මෙහිදී ශ්‍රී ලංකාවේ දැකිය හැකි අඩි 60 ක පමණ වට ප්‍රමාණයෙන් යුක්ත වූ විශාලතම නා ගස ද මෙම වනය තුළ දැක ගත හැකිය.
මෙම ස්ථානය නැරඹීමට ඔබ සියලුදෙනාට ආරාධනා කරන අතර එහි සුන්දරත්වයට හානි නොවන සේ කටයුතු කිරීම ඔබ සතු වගකීමකි




3 comments: