MACO

Saturday, 29 June 2019

හුම්මානය

දකුණු වෙරලේ පිහිටි ස්වභාව ධර්මයා විසින් කරන ලද අපුරු නිර්මාණයකි හුම්මානය. මාතර – හම්බන්තොට මාර්ගයේ 184 කි.මි කනුව අයත් වන්නේ නාකුළුගමුවටයි. නාකුළුගමුවෙන් හැරී වෙරල තීරයට පිවිසිමට ප්‍රධාන මාර්ගයෙන් හැරී කි.මි1.5 පමන දුර ගෙවන විට කුඩා වැල්ල - වැලි කැලේ වෙරළ තීරයේ කදු ගැටයක් මත මෙම අපුරු ජල මල ස්ථානගතවේ. මුහුදු රැල්ලේ පීඩනයත් සමග විහිදී යාමට පෙර එක දිගට “ හුම්” ලෙසින් මුමනන හඩක් පිට කරනා බැවින් හුම්-ගාන ය හුම්මානය වු බවකි. අපේ රටේ ඇති මෙම හුම්මානය ලෝකයේ වෙනත් රටවල ඇති හුම්මාන හය අතරින් විශාලත්වයෙන් දෙවන තැන ගන්නා බව වාර්තා වේ.නිරිත  දිග මෝසම් වාරකන් සමයේ මුහුදු රල වේගවත්වු විට හුම්මානය වඩාත් ක්‍රීයාශීලි වි අඩි 40-50 පමන උසට අහස දෙසට ජල මලක්ව විහිදී යන අයුරු දක්නට ලැබීම අසිරියකි.


Friday, 28 June 2019

බෝපත් ඇල්ල

බෝපත් ඇල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශයේ අගලවත්ත නම් ගමේ පිහිටල තියෙන සුන්දර දියඇල්ලක්. මීටර් 30ක් උස මේ දිය ඇල්ලේ හැඩය බොහෝ දුරට බෝ කොළයක් වගේ පෙනෙන නිසා මේ දිය ඇල්ල බෝපත් ඇල්ල නමින් හඳුන්වනවා.

පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි.
බෝපත් ඇල්ල අද දේශීය සංචාරකයන්ගේ අවධාණය ලබාගත් සුන්දර ස්ථානයකි බෝපත් ඇල්ල වෙත
යාමට කොළඹ සිට රත්නපුර – කොළඹ ඒ 4 මාර්ගයේ එක් මාර්ගයක් හිග්ගස්හේන හන්දියෙනුත්, අනිත් මාර්ගය කුරුවිට පොලීසිය අසලිනුත් වැටී තිබේ. සමාන දුරක් ඇති මෙම ප්‍රවේශ මාර්ග දෙක ඔස්සේ මෙම දිය ඇල්ල වෙතට පිවිසිය හැකිය. බෝපත්ඇල්ල පිහිටි ගම් පියස අඟලවත්ත නමින් හැදින්වේ . ප්‍රධාන මාර්ගයේ සිට දුර කි.මි 03කි.


ඇලි හත

වනාන්තර කදු දිය ඇලි වලින් පරිපූර්ණ වූ දැරණියගල මෙම අපූරු ඇලි හත පිහිටා ඇත.මෙම වනයටම ආවේණික වූ සතුන් මෙහිදී දැක ගත හැක.මෙම ඇලි හත නැරඹීම සදහා අවිස්සාවේල්ල සිට දැරණියගලට ගොස් එහි සිට උඩ මාලිබොඩට යා යුතුය.එතැන් සිට ආසන්නව 17Km පමණ පයින් යාමට සිදුවේ.

ශ්‍රී ලංකාවේ දිය ඇලි දාමයන් අතුරින් වඩාත්ම සුන්දර සහ තරණය අපහසු  ඇලි හත. දිය ඇලි හතකින්   යුක්ත අතර  ඇලි හතේ පළමු ඇල්ල ඒ කියන්නෙ උඩම ඇල්ල අයිති වෙන්නෙ නුවරඑළිය දිස්ත්‍රික්කයටය.      

පහළම ඇල්ල අයිති කෑගල්ල දිස්ත්‍රික්කයට.    කඳු මුදුනක සිට ගලාගෙන එන ගඟක් ඇලි   හතක් එක ළඟ නිර්මාණය කරමින් පහලට කඩා වැටීම. ඇත්තටම මේ විශිෂ්ට පිහිටීම විශ්වාස කිරීමට අපහසු තරම් පුදුමාකාරයි කිවුවොත් නිවැරදියි.



Wednesday, 26 June 2019

බබරකන්ද දිය ඇල්ල

බඹරකන්ද දිය ඇල්ල ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන අතර එය ලෝකයේ  උසින් වැඩිම දිය ඇලි අතර 299 වන ස්ථානය දරයි.මීටර් 240.792 (අඩි 790) කින් උසකින් යුත් එය කලුපහන ප්‍රදේශයේ පිහිටා ඇත.

මේ සුන්දර දිය ඇල්ල තියෙන ඉඩමේ දිය ඇලි තුන හතරක් තියෙනවා. පහසුවෙන්ම යන්න පුළුවන් ඒකෙන් දෙකකට. මේ  ලස්සන දිය ඇලි තියෙන වත්තේ නිවාඩුවක් ගත කරන්න   බංගලාවක් තියෙනවා.

කොළඹ බදුල්ල පාරේ කලුපහන හන්දියෙන් හැරිලා කිලොමීටර් එකහමාරක් විතර ගියාම මේ බංගලාවට යන්න පුළුවන්. ඒ කියන්නේ මේක පිහිටලා තියෙන්නේ බඹරකන්ද දිය ඇල්ලට යන පාරේ. මෙතන ඉඳලා කිලෝමීටර් 5 ක වගේ දුරකින්  තමයි බඹරකන්ද දිය ඇල්ල පිහිටලා තියෙන්නේ. ඒවගේම දැන්ට ලංකාවේ තියෙන පැරිණිතම ශෙලමය පිළිමය දකින්නත් මේ බංගලාවේදි පුළුවන්. තව කටුගොඩැල්ල කියලා වැඩිය ප්‍රසිද්ධ නැති පෘතුගීසි කොටුවත් තියෙන්නේ මේ කිට්ටුවම තමයි.


බේකර්ස් ඇල්ල

බේකර්ස් දිය ඇල්ල මීටර් 20 ක් (අඩි 66ක්) උස් වන අතර වලවේ ගගේ ප්‍රධාන අතු ගංගාවක් වන බෙලිහුල් ඔය විසින් ‍‍බේකර්ස් ඇල්ල නිර්මාණය කෙරේ.

නෙත් සිත් වසඟ කරගන්නා වූ මේ සුන්දර දිවයිනේ මනස්කාන්ත දිය දහරාවක් වන මේ ඇල්ලට දිගු ඉතිහාසයක් ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට බේකර්ස් ඇල්ල අයත්හෝ වේ.හෝර්ටන් තැන්න පිවිසුමේ සිට කිලෝමීටර් 3 ක් පමණ දුරින් මෙය පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ ඇති දියඇලි අතුරින් දර්ශනීය දිය ඇල්ලක් වන බේකර්ස් ඇල්ල පෝෂණය වන්නේ බෙලිහුල් ඔයෙනි. එමෙන් ම, මේ ඇල්ලේ පෝෂක ප්‍රදේශය, පට්ටිපොළ හෝ ඔහිය වේ.

බේකර්ස් දිය ඇල්ල සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ සැමුවෙල් බේකර්ස්ට ය. බ්‍රිතාන්‍ය ජාතික දඩයක්කරුවකු වන මොහු, දිනක් දඩයමේ යන විට මේ දිය ඇල්ල දැක තිබේ. මේ දිය ඇල්ල 1845 වස‍රේදී බේකර්ස් විසින් සොයා ගත් නිසා, ඔහුට දක්වන ගෞරවයක් ලෙස ඔහුගේ නාමය දිය ඇල්ලට එක් කර තිබේ.

හොර්ටන් තැන්නට පිවිසෙන ඔබ මතු පරපුරටත් එහි සුන්දරත්වය විදගැනීමට හැකි වන පරිදි එහි ඔබේ පා සටහන් පමණක් තබා ඒමට කාරුණික වන්න



Monday, 24 June 2019

නානුඔය ඇල්ල

උඩරදැල්ල, බඹරකැලේ ප්‍රදෙශවලින් පෝෂණය වන නානුඔය, නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේදී ප්‍රපාතයකට ඇද හැලීමෙන් නානුඔය ඇල්ල නිර්මාණය වේ. පියවර 25කින් පමණ ඇදහැලෙන මෙම ඇල්ල, මහාමාර්ගයේ සිට නැරඹිය හැකි වුවත්, ඒ අසලට යාමට නම් නානුඔය දුම්රිය ස්ථානයෙන් බැස, කි.මි. 1.5 පමණ දුම්රිය මග ඔස්සේ යා යුතුය. නානුඔය කොත්මලා ඔය හා එක්වන අතර, එය මහවැලි ගඟෙහි ආරම්භක ශාඛාවකි. මි. 20ක් පමණ උසැති ග්ලාස්සෝ ඇල්ලද මීට මදක් දුරින් පිහිටා ඇත.දුම්රිය මාර්ගය නානුඔය ඇල්ලට ඉහලින් ගමන් කරන අතර ග්ලාස්සෝ ඇල්ලෙහි කොටසක් දුම්රියේ යන විට දැකගත හැක.

එතරම් උසකින් යුක්ත නොවුනත් ගල් කුලු පඩි පෙලක් ඔස්සේ දිය පහර ගලා බසින්නේ තේ වතු යායක් මැදින් ඔබගේ ඇස් මානයට තේ දලු නෙලන ලදුන්ගේ අලංකාර දසුනක් හසු කරවමිනි. දිය ඇල්ලට ඉහලින් තේ වතු යාය මැදි කරමින් වැටෙන දුම්රිය පාලමද නානුඔය ඇල්ලට තවත් රටාවක් එක් කරයි.
ඔබ සුන්දර ඡායාරූප එකතු කරන්නෙක්ද? සැඟවුනු සුන්දර ස්ථාන සොයා යන්නෙක්ද? පරිසරයේ සුන්දරත්වය නිහඩව විදින්නෙක්ද? එසේනම් සුන්දර නුවර එලියේ ඇවිද යන අතරතුර නානුඔය ඇල්ලේ පියසටහන් තබන්නටද අමතක නොකරන්න.


Tuesday, 18 June 2019

වේගා

ලොව පුරා විසිරී ඇති හොඳම තේ සඳහා දිවයිනේ පාරාදීසය වන ශ්‍රී ලංකාව, අශ්වබල 900 ක්, සියලු විදුලි සුපිරි මෝටර් රථයක් වන වීගා සමඟ මෝටර් රථ ලෝලීන්ගේ අවධානය දිනාගෙන තිබේ.

වේගා යනු සියලු විද්‍යුත් ත්‍රාසජනක යන්ත්‍රයක් ලෙස පමණක් නොව, උසස් ප්‍රවාහන තාක්‍ෂණයන් දියුණු කිරීමට ශ්‍රී ලාංකිකයින්ට ඇති හැකියාව පෙන්නුම් කරයි.

වේගා මෝටර් රථය නිසා දැන් අපිට Made In Sri Lanka කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් වාහනයක් තියෙනවා.හර්ෂ සුබසිංහ මහතාගේ මූලිකත්වයෙන් නිමවු වේගා ලංකාවට මහත් ආඩම්බරයක් ගෙන දෙයි.

වේගා හි වේගය තත්පර 4 තුලදී 0 සිට පැයට කිලෝමීටර් 60 දක්වා වේගයක් පැයට කිලෝමිටර් 280 ක  උපරිම වේගයක් දක්වා පවතී



Monday, 17 June 2019

බොහෝ දෙනාගේ නෙත නොගැටුණු ස්ථානයක්

ලංකා ඇල්ල

ලංකාවේ උසම දිය ඇල්ල වන බබරකන්ද දිය ඇල්ලේ සිට ටික දුරක් පා ගමනින් ලගා විය හැකි උසින් 12m ක් පමණ වන ලංකා ඇල්ල අති සුන්දර ස්ථානයකි. නමුත්  මේ ඇල්ල බොහෝ දෙනෙකුගේ නෙත ගැටිි නැත.

ඇල්ලට මේ නම ලැබීමට හේතු වී ඇත්තේ ඇල්ලේ ජලය වැටෙන තඨාකය ලංකා සිතියමේ හැඩය ගැනීම නිසයි.මේ තඨාකය ඉතා ගැඹුරු වන අතර ලංකා ඇල්ල සංචාරක ඔබට ස්නානය සදහා නම් කිසිසේත් සුදුසු නොවේ.සුවිසල් ගල් තලාවක් ඔස්සේ රූටා එමින් නිර්මානය වෙන මේ සුන්දර ඇල්ල අදටත් සංචාරකයන්ගේ පහස ඉතාමත් අඩුවෙන් ලබන නිසාම බොහෝම සුන්දර පරිසරයකට හිමිකම් කියනවා.

ලංකා ඇල්ලට යන ඔබට සුදුසුම කාලය වන්නේ මැයි ජූනි වැනි කාලය වන අතර එයට හේතුව ඇල්ලේ ජල මට්ටම උපරිම තලයක පිහිටීමයි.එසේ වුවත් වර්ශා කාලයේදී ෆයිනස් කැලය දිගේ ඉහලට යාම අපහසු විය හැකියි.මාන පදුරු සහිත ප්‍රදේශයේදී ඇතිවන සීරීම් වලින් වැලකීමට සුදුසු ඇදුම් භාවිතා කල යුතු අතර,කූඩැල්ලන් කෙරෙහිද අවධානය යොමු කල යුතුය.නිතරම වර්ෂාව සහිත වන බැවින් ඔබගේ දුරකතන කැමරා ආදිය ආරක්ශා කරගැනීමට සුදුසු ක්‍රමයක් යොදාගන්න.මෙම ගමනේදීම බබරකන්ද ඇල්ල මුදුනට යන්නේ නම් ක්ෂණික ගංවතුර පිලිබද සැලකිලිමත් වන්න.

මේ සුන්දර සොබාදහම දායාදය ඔබේ පණ සේම රැකගන්නට අමතක නොකරන්න.ඔබේ පිය සටහන් පමනක් ඉතිරි කර සුන්දර මතකයන් පමනක්ම රැගෙන එන්න.


Sunday, 2 June 2019

මුල්ගිරිගල විහාරය

මුල්ගිරිගල විහාරය

වීරකැටිය සහ බෙලිඅත්ත යන නගර සම්බන්ධ කෙරෙන ප්‍රධාන මාර්ගයේ උතුරු ගිරුවා පත්තුවේ මෙම විහාරය පිහිටා ඇත... තවද බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ ඕකෙවෙල මංසන්ධියෙන් හැරී 4Km ගිය පසු මෙ⁣ම විහාරය කරා ලගා විය හැක.

මුල්ගිරිගල රජමහා විහාරය සද්ධාතිස්‌ස රජු විසින් ඉදි කළේ යැයි විශ්වාස කෙරේ... මෙම විහාරය ඉදි වීම සම්බන්ධයෙන් ජන ප්‍රවාදයේ එන කතාවක්‌ද ප්‍රචලිත වී ඇත... දඩයම් සදහා කැලයෙහි ඇවිදිමින් සිටි වැද්දෙකුගේ නෙත ගැටුනු විශාල පර්වතයක්‌ පිලිබදව සද්ධාතිස්‌ස රජුට දැන්වූ ඔහු එහි පන්සලක්‌ තැංවීමට සුදුසු යැයිද පැවසීය...

පර්වතය දුටු රජතුමාද එහි පන්සලක්‌ ඉදි කිරීමට කටයුතු සලස්වා, වැද්දා කිව් ගල බැවින් "මූකිව්ගල" ලෙස පන්සල නම් කරන ලදි... කල් යාමේදී "මුල්කිරිගල" ලෙසත් අනතුරුව වර්තමානයේ "මුල්ගිරිගල"ලෙසත් පන්සල නම සහ ගමෙහි නම ව්‍යවහාර විය...

පහත මලුව, මැද මලුව, උඩ මලුව ලෙස මහල් තුනකින් සමන්විත විහාරය තුළ සැතපෙන බුදු පිළිම සහ හිටි බුදු පිළිමයක්‌ද පවතී. අති සුන්දර පෞරාණික බිතු සිතුවම් සහ පන්සලට ඇතුලු වන ස්‌ථානයෙහි පිහිටි පෞරාණික සදකඩපහනක්‌ ද ඇත...

විවිධ දේශගුණික කළාපයන්ගෙන් යුත් මෙම කොට්ඨාශය සැබවින්ම මනස්කාන්ත දර්ශනයන්ගෙන් හෙබියා වූද පැරණි වීරවරයන්ටද නිජභූමියක් වූද රමණීය ප්‍රදේශයකි.