MACO

Sunday, 19 May 2019

Huawei දුරකථන සදහා Google සහාය නවතී

👉ඔබ සතුව ඇති කිසිදු Huawei ජංගම දුරකතනයකට මින් ඉදිරියට Google Security Updates සහ Technical Support නොලැබෙනු ඇති..

👉ඉදිරියේදී නිකුත්වන Huawei දුරකතන සදහා Open Source License යටතේ Android මෙහෙයුම් පද්ධතිය ලබා දුන්නද, Gmail, Google Play, Google Maps, YouTube වැනි කිසිදු සේවාවාක් එම දුරකතනවලට හිමි නොවනු ඇත..

👉Huawei යනු චීනය තුල ගොඩනැගුනු සමාගමකි. චීනය තුල මෙම Google Apps බොහෝමයක් අතීතයේ සිටම එරට රජය විසින් තහනම් කර තිබූ නිසා Huawei ආයතනයට එය එතරම් බලපෑමක් නොවේ.. නමුත් ඔවුන්ගේ මූලික ඉලක්කය වී ඇත්තේ ගෝලීය වෙළදපොළයි.. එම නිසා හැකි ඉක්මනින් නැවතත් Google සමාගම සමග ගිවිසුමකට එලබීම හෝ තමන්ටම ආවේනික වූ අන්තර්ජාල සේවාවන් ගොඩනගාගැනීමට Huawei ආයතනයට සිදුවී ඇත.. මෙම අවධානම පිළිබද පසුගිය මාරිතු මාසයේදී Huawei ආයතනයෙන් විමසූ විට ඔවුන් සදහන් කරේ Google ආයතනයට කිසි ලෙසකින් තම සමාගම වාරණය කිරීමට හැකියාවක් නොමැති බවයි, නමුත් මෙම වාරණයෙන් පසු Huawei ආයතනය තවමත් මේ පිළිබද කිසිවක් සදහන් කර නැත..
Huawei දුරකථන සදහා Google වාරණයක් www.hatarawate.com

4 comments: