MACO

Friday, 28 June 2019

බෝපත් ඇල්ල

බෝපත් ඇල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශයේ අගලවත්ත නම් ගමේ පිහිටල තියෙන සුන්දර දියඇල්ලක්. මීටර් 30ක් උස මේ දිය ඇල්ලේ හැඩය බොහෝ දුරට බෝ කොළයක් වගේ පෙනෙන නිසා මේ දිය ඇල්ල බෝපත් ඇල්ල නමින් හඳුන්වනවා.

පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි.
බෝපත් ඇල්ල අද දේශීය සංචාරකයන්ගේ අවධාණය ලබාගත් සුන්දර ස්ථානයකි බෝපත් ඇල්ල වෙත
යාමට කොළඹ සිට රත්නපුර – කොළඹ ඒ 4 මාර්ගයේ එක් මාර්ගයක් හිග්ගස්හේන හන්දියෙනුත්, අනිත් මාර්ගය කුරුවිට පොලීසිය අසලිනුත් වැටී තිබේ. සමාන දුරක් ඇති මෙම ප්‍රවේශ මාර්ග දෙක ඔස්සේ මෙම දිය ඇල්ල වෙතට පිවිසිය හැකිය. බෝපත්ඇල්ල පිහිටි ගම් පියස අඟලවත්ත නමින් හැදින්වේ . ප්‍රධාන මාර්ගයේ සිට දුර කි.මි 03කි.


4 comments: