MACO

Monday, 17 June 2019

බොහෝ දෙනාගේ නෙත නොගැටුණු ස්ථානයක්

ලංකා ඇල්ල

ලංකාවේ උසම දිය ඇල්ල වන බබරකන්ද දිය ඇල්ලේ සිට ටික දුරක් පා ගමනින් ලගා විය හැකි උසින් 12m ක් පමණ වන ලංකා ඇල්ල අති සුන්දර ස්ථානයකි. නමුත්  මේ ඇල්ල බොහෝ දෙනෙකුගේ නෙත ගැටිි නැත.

ඇල්ලට මේ නම ලැබීමට හේතු වී ඇත්තේ ඇල්ලේ ජලය වැටෙන තඨාකය ලංකා සිතියමේ හැඩය ගැනීම නිසයි.මේ තඨාකය ඉතා ගැඹුරු වන අතර ලංකා ඇල්ල සංචාරක ඔබට ස්නානය සදහා නම් කිසිසේත් සුදුසු නොවේ.සුවිසල් ගල් තලාවක් ඔස්සේ රූටා එමින් නිර්මානය වෙන මේ සුන්දර ඇල්ල අදටත් සංචාරකයන්ගේ පහස ඉතාමත් අඩුවෙන් ලබන නිසාම බොහෝම සුන්දර පරිසරයකට හිමිකම් කියනවා.

ලංකා ඇල්ලට යන ඔබට සුදුසුම කාලය වන්නේ මැයි ජූනි වැනි කාලය වන අතර එයට හේතුව ඇල්ලේ ජල මට්ටම උපරිම තලයක පිහිටීමයි.එසේ වුවත් වර්ශා කාලයේදී ෆයිනස් කැලය දිගේ ඉහලට යාම අපහසු විය හැකියි.මාන පදුරු සහිත ප්‍රදේශයේදී ඇතිවන සීරීම් වලින් වැලකීමට සුදුසු ඇදුම් භාවිතා කල යුතු අතර,කූඩැල්ලන් කෙරෙහිද අවධානය යොමු කල යුතුය.නිතරම වර්ෂාව සහිත වන බැවින් ඔබගේ දුරකතන කැමරා ආදිය ආරක්ශා කරගැනීමට සුදුසු ක්‍රමයක් යොදාගන්න.මෙම ගමනේදීම බබරකන්ද ඇල්ල මුදුනට යන්නේ නම් ක්ෂණික ගංවතුර පිලිබද සැලකිලිමත් වන්න.

මේ සුන්දර සොබාදහම දායාදය ඔබේ පණ සේම රැකගන්නට අමතක නොකරන්න.ඔබේ පිය සටහන් පමනක් ඉතිරි කර සුන්දර මතකයන් පමනක්ම රැගෙන එන්න.


4 comments: