MACO

Sunday, 2 June 2019

මුල්ගිරිගල විහාරය

මුල්ගිරිගල විහාරය

වීරකැටිය සහ බෙලිඅත්ත යන නගර සම්බන්ධ කෙරෙන ප්‍රධාන මාර්ගයේ උතුරු ගිරුවා පත්තුවේ මෙම විහාරය පිහිටා ඇත... තවද බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ ඕකෙවෙල මංසන්ධියෙන් හැරී 4Km ගිය පසු මෙ⁣ම විහාරය කරා ලගා විය හැක.

මුල්ගිරිගල රජමහා විහාරය සද්ධාතිස්‌ස රජු විසින් ඉදි කළේ යැයි විශ්වාස කෙරේ... මෙම විහාරය ඉදි වීම සම්බන්ධයෙන් ජන ප්‍රවාදයේ එන කතාවක්‌ද ප්‍රචලිත වී ඇත... දඩයම් සදහා කැලයෙහි ඇවිදිමින් සිටි වැද්දෙකුගේ නෙත ගැටුනු විශාල පර්වතයක්‌ පිලිබදව සද්ධාතිස්‌ස රජුට දැන්වූ ඔහු එහි පන්සලක්‌ තැංවීමට සුදුසු යැයිද පැවසීය...

පර්වතය දුටු රජතුමාද එහි පන්සලක්‌ ඉදි කිරීමට කටයුතු සලස්වා, වැද්දා කිව් ගල බැවින් "මූකිව්ගල" ලෙස පන්සල නම් කරන ලදි... කල් යාමේදී "මුල්කිරිගල" ලෙසත් අනතුරුව වර්තමානයේ "මුල්ගිරිගල"ලෙසත් පන්සල නම සහ ගමෙහි නම ව්‍යවහාර විය...

පහත මලුව, මැද මලුව, උඩ මලුව ලෙස මහල් තුනකින් සමන්විත විහාරය තුළ සැතපෙන බුදු පිළිම සහ හිටි බුදු පිළිමයක්‌ද පවතී. අති සුන්දර පෞරාණික බිතු සිතුවම් සහ පන්සලට ඇතුලු වන ස්‌ථානයෙහි පිහිටි පෞරාණික සදකඩපහනක්‌ ද ඇත...

විවිධ දේශගුණික කළාපයන්ගෙන් යුත් මෙම කොට්ඨාශය සැබවින්ම මනස්කාන්ත දර්ශනයන්ගෙන් හෙබියා වූද පැරණි වීරවරයන්ටද නිජභූමියක් වූද රමණීය ප්‍රදේශයකි.



11 comments: