උදේ තෙල්දෙණියෙන් ගමන ආරම්භ කර තංගප්පුව නම් සුන්දර ගම්මානය බලා ගමන් කරන විට ඒ මාර්ගයේ තවත් අතුරු මාර්ගයකින් nature pool නම් සුන්දර ස්ථානය දැක ගත හැක.මෙහි නෑම නම් නොකල යුතුය...එහි ගැඹුර අඩි 36 පමණ වන හෙයිනි.නෑමට අවශ්‍ය නම් එහි පාලමට පහලින් නාන්න පුලුවන්...
තංගප්පුවට යනවා කියන්නෙ නම් ලේසි ගමනක් නෙවෙයි මොකද ගොඩක් දුෂ්කර මාර්ගයක් තියෙන්නෙ.නමුත් බස් එකක් වැඩ කරනවා ඒ පාරේ..තංගප්පුව නගරයේ අපි යන වාහන දාලා එතන ඉදන් පයින් යන්න වෙනවා..පැය දෙකක විතර දුෂ්කර ගමනකින් පසු නක්ල්ස් වල ලොකුම දිය ඇල්ලේ ඉහලට ගමන් කරන්න පුලුවන්..
අපි සමග තංගප්පුව ගමේ ඉදං බල්ලො දෙන්නෙකුත් ගමනට එකතු උනා..අපි පහලට එනකන්ම උන් දෙන්නා අපි එක්කම හිටියා.
මේ දවස්වල නම් දිය ඇල්ලේ වතුර නෑ.පොඩි දිය පාරක් තමයි තියෙන්නෙ.ඒත් පොඩි වතුර පාරක් නිසාම එහි සුන්දරත්වය තවත් වැඩි උනා.මොකද එතනට ලොකු සුලගක් එනවා.ඒ සුලගට දිය ඇල්ලෙන් වැටෙන වතුර ටික ආයත් උඩට එනවා..ගිහින් දැකලම තමයි ඒ සුන්දරත්වය විදගන්න වෙන්නෙ...
එතනින් පහල දිය ඇලි කීපය්ම තියෙනවා.උඩම තියෙන දිය ඇල්ල තියෙන තැනට තමයි අපි ගියේ.එතනට පහල එක දිය ඇල්ලක් බලාගන්න පුලුවන්.
දවසක් ගත කරන්න සුන්දරම ස්ථානයක් එතන.ඒත් රෑ නවතිනවනම් අවසර ගන්න වෙනවා.
ඒ සුන්දරත්වය විද ගැනීමට යන ඔබ එහි දිවියන් සිටින බවද දැනගත යුතු අතර එහි දිරාපත් නොවන කැලිකසල නොදමා එන ලෙසද වග බලාගන්න.
❤️❤️❤️❤️
ReplyDeleteMaru
ReplyDeleteYanna asa hitenw
ReplyDelete😍😍😍
ReplyDeleteMaru
ReplyDeleteYanna oni davsk..😍
ReplyDeleteOu aniwren welawk thiyenm ynna hoda athdakimk
Deleteඑලම
ReplyDeleteNiyamai
ReplyDeleteIt is very nicely written to increase the tourist attraction👍
ReplyDelete