MACO

Sunday, 1 September 2019

මළ  උන්ගේ පැමිනීම
  "නාකි උන්දෑ  මේ ලෝකෙන් ගියා  ගියාමයි මේ ගෙදරට කිසිම සැනසීමක් නැති හැටියක්  තිබ්බ සේසතම නැති නාස්ති වෙලාම ගියා" අම්මා උදේ පාන්දර  හූල්ලන්නාක් මෙන්  ලොකු අම්මා අතින් පවසනවා  හීනයකින් මෙන් මට ඇසුනි. " පව්ල් පිටින් හැදිගෑවිලා යන්න එක දුෂ්ට  ආත්මයක් ඇති " ඉස්සර මිනිස්සු මොන තරම්නම්  ගැවසුන ගෙයක්ද ඔය පාලුවට  ගිහින් තියෙන්නේ දෙවියනේ  ලොකු අම්මාගේ පිළිතුර  විය .
      ඒ පවසන්නේ අපේ උඩහා තිබෙන පාලු බංගලාව ගැන බව මට නිතැනින් පසක් විය  කුඩා  කල අප සියලුදෙනාම  පාහේ ජීවත්  උනේ මහගෙදරය . අත්තම්මාගේ  මරනයෙන් පසු සියල්ල නැති  නාස්ති  වී ගියහ.  ගමේම පොහොසත්  වන්සවත් වලව්වක්  උනු එය අද  කිසිවකුගේ කිසිම සැලකිල්ලකට  ලක් නොවන්නකී අයියා සූදුවට ලොල් වී සියල්ල විනාස කර  මුලු  ලෝකයටම  ණය   කාරයකු වී මිය ගියහ .  නැවතත්  අම්මාගේ කට හඩ  ඇසිනි .
"චූටි  දුව දැන් ඇති නිදාගත්තා  මෙන්න මෙහෙ  එන්න   පොල් ටිකක් වත් ගාලාදීලා අද වගේ දවසකවත්  උදව්වක්  කරොත් නරකද "
      නිවාඩු දවසකටවත් සැනසීමේ නිදාගන්න නෑනේ දෙවියනේ  මේ මොන විකාරයක්ද මේ .  මැරිච්ච  මනුස්සයෙක්ට  කරන්න පුලුවන්  දෙයක්  තියෙයිද  ජීවත්වෙලා ඉන්න  මිනිස්සුන්ට බය වෙන්න  ඕනි  විකාර හණමිටි  අදහස් "  මම ටිකක් කේන්තියෙන් අම්මාට  පැවසීය  .
      උඹ මොනවද  බන්  දන්නේ  හොල්මන් , අවතාර ගැන  කොච්චර  සරුවට  අගේට හිටපු මිනිස්සුද මේ  සී සී කඩ  විසිරිලා ගිහින් තියෙන්නෙ . බලන බලන  හැම තැනින්ම කියන්නේ  මැරිච්ච  මිනිස්සු එකට එකතුවෙලා  කරදර කරනවා  කරන කියන කිසිම දෙයක්  සාර්ථක  වෙන්න දෙන් නෑ කියලා . ඉතින් බොරුද .  මේකෙ අවසානයක් තියෙන්න ඕනි  කොච්චර  නම් වියදම් කරාද  ඔය වෙනුවෙන්  මේ පාර නම් ඉවරයක් කරලාම දාන්න ඕනී මැරුනට පස්සේ නෑ කම් නෑ.
    අනේ අම්මාට ඕන දෙයක් කරගන්න අම්මේ  මම දන් නෑ ඔය මනස්ගාත .
   අම්මයි , මායි , ලොකු අම්මයි  තුන්දෙනාම ලෑස්ති වී බුලත්  තුරුල්ලක්ද රැගෙන  මහනුවර  හෑපානේ පිහිටි මාතර  කට්ටඩියන් පැමින  ගුරුකම් කරන පන්සලකට  ගියහ. මගේ සිතේ නම් ඔය හණමිටි  අදහස්  ගැන කිසිම  විස්වාසයක්  නොවිනි එහෙත් පන්සලකට  , දේවාලයකට  ගිය විට  මාගේ දෑත් වෙව්ලන ගතියක් විය අම්මාගේ   කරදරේ නිසා මමත් ඔව්න් සමග ඒ ගමනට  සහභාගි  උණි.
   ට්ක වේලාවකින්  ඔය මළගිය  ප්‍රාණකාරියකුගේ  හිරිහැර  විද ගැනීමට  නොහැකිව පැමිණ  සිටින  දරුවන් එන්න  යැයි කීහ.  මට හිනා ගියා පමණි මොකද මේ වගේ තැන් වලට කොහොමත් එන්නේ එහෙම මිනිස්සුනේ   අම්මා මා දෙස රවා බැලුවා  පමණි.
        මීට වසර පහකට විතර කලින් කාන්තා ප්‍රාණයක්  මේ දැරිවියන්ගේ ගෙදර දුක් විදලා මරනයට  පත්වෙලා  තියෙනවා  " හරිනම් හරි නැත්නම් නෑ කියහන් දරුවා"  කට්ටඩියාගේ හඩ සැර විය   " එහෙමයි දෙවියනේ එහෙමයි" ඒ ලොකු  අම්මා විය  පාලු කාමරයක් පෙන්වනවා  මේ කාමරේ  කුඩා දැරිවියක් පෙන්නුම් කරනවා  අදුරටමයි ප්‍රිය කරන්නේ  පිරිත් , ගාඨා කිසිවක් ඇහෙන්න  බෑ වෙව්ලනවා "  එහෙමයි දෙවියනේ එහෙමයි "බොහොම ඉක්මනින්  මේ ප්‍රාණකාරිය  මේ දැරිවියගේ ශරීරයෙන් ඉවත් කරන්න ඕනී  නැත්නම් මේ දැරිවියගේ  අනාගතය එහෙම් පිටිම්ම අදුරු වෙයි .
 මා හට  සිදු වූයේ කුමක්දැයි  අදහාගත නොහැකි විය .  විස්වාස නොකරත් යම් කිසි සත්තියක් ඇතැයි  මට සිතුනි . පසුදා අවශ්‍යකරන  බඩු සියල්ල රැගෙන  නැවත ගෙදර සියලු  දෙනාම පන්සල වෙත ගියහ.
    ගෙදර සියල්ලන්ම සිටියදී මා පමණක් ඉදිරියට රැගෙන ඒ අය මන්තර වගයක් ජප කලහ මාගේ මතකයේ ඇත්තෙ එපමණකි. මා බිම ඇදගෙන වැටී තිබුනි . අක්කා පැවසූ පරිදි  මාගේ කකුලක් කැඩුනාක් මෙන්  එක කකුලක් කොට වී  උකුල් ඇටය  උඩට ගොස් තිබුණි  . එයනම් අදහා ගත නොහැකි දෙයකී අත්තම්මා මියගොස් තිබුනේ ඇදෙන්  වැටී  කකුලක් කැඩී ගොස් ය.  මම වතුර ඉල්ලමින්  කෑ ගසා පන්සල  වටේ දුව ගොස්  තිබුණි. ඔව්න් පවසන්නේ මිය ගිය ආත්මය පිපාසෙන් මිය ගිය බවයි . මා හට ඒ කිසිවක් මතක නොවීය.  මෙසේ පැමිණි ප්‍රාණකාරියගෙන්  ඔව්න්  ප්‍රශ්න අසා ඇත . ඇය පවසා  තිබුනේ ඇය පලිගු මැණිකේ බවත්  ගෙදරින්වත්  මොව්න් එකෙක්වත් දාලා තනියම නොයන බවයි . මම මේ වතුර උගුරක්වත් නැතිව විදින දුක මුන්ටත්  දෙන බවටයි
       "ඉතින් මේ දැරිවි මොනවා කරාටද මේ දැරිවියට කරදර කරන්නේ "
  " මේකී මේවා විස්වාස කරන් නෑ  මේකි විදවනකොට මුන්ගේ මුලු පව්ලම විදවනවා. මන් ජීවතුන් අතර ඉන්නකොට මුන් එකෙක්වත්  මට සැලකුවේ නෑ බෙහෙතක් විදලා මාව මරලා දැම්මා"  යැයි පවසා තිබුණි.
       මට පැවසූ විට ඇස් අදහාගත නොහැකිවිය. කිසිවක් මාගේ මතකයේ නොමැත   . අවසානයේ  ශ්‍රී මහා බෝදියට නිදහස් කරන බව පවසා දානයක් දෙන බවට පොරොන්දු වී අටපිරිකර  පූජා කර ආත්මය නිදහස්කර තිබුණි.
     එසේ සිදුකර නැවත මාස ගනනකින් නැවත කරදර තිබෙන බව අම්මාගේ අදහස විය . "කොතරම්  දාන  මාන දුන්නත් මේක හරියන් නෑ.  ගෙදරින් ගෙදරට මාරු වෙවී වද දෙනවා පිං ගන්න පුලුවන් ආත්මයක් නම් මෙලහකට පිං අරගෙන ගිහින්  කීයක් ගියත් කමක් නෑ මේ පාර නම් මේ කරදරේ ආය නොයෙන්නම හිර කරලා දාන්න ඕනී" අම්මා තාත්තා අතින් පවසනවා මට ඇසිනි.   
         දින කීපයකින්  මාතර කට්ටඩියන්  හතර පස්  දෙනෙක් ගෙදරට පැමිණ සිටියහ .  හවස හයට පමණ ආරම්භ  කල තොවිලය උදේ පාන්දර හත විතර වන විටත් සිදු වුනි. රෑ එළි වෙනතෙක් පැවති  මෙහි පෙරේත තටු ආදී සියල්ල දී පෙරේත කොටුවට ප්‍රානකාරිය  ගතතයි ඔව්න් පැවසීය කවි ගායනා දුම්මලකීර ගැසීය.
    "අටු කොටුවල  ගෙයි මුලු වල  ඉන්න  එපා 
      ගෙට ඇවිදින් බඩු සගවා ගන්න          එපා
      වතු පිටි වල ගද කිලි වල ඉන්න          එපා
      තව දුරටත්  මළයකු මෙහි ඉන්න       එපා."

      ආදී ලෙස  කවි ගායනා ඉදිරිපත්  කර බෝතලයකට ආත්මය පැමිණි බව පවසා කොන්ක්‍රීට් අනා බෝතලය තුල සිර කර දැමීය.
      ගෙවල දොරවල් ආරක්ෂා  කර අවසානයේ කට්ටඩියන් පැවසුවේ  ආය කිසිම දේකට බය වෙන්න එපා නෝනා අදින් කරදර සියල්ල අවසානයි සම්පූර්න වගකීම අපි ගන්නවා නැවත මේ ප්‍රානකාරියට මෙහි පැමිණිය නොහැකි බවයි .
      මගේ ඇස් වලට කදුලු  පිරුනී මෙය සත්තියක්ද  නැත්නම්   මායාවක්ද යැයි තවමත් මා හට අදහාගත නොහැකිය.


එස් . ඒ .එස් ඩී . සෙනවිරත්න .
HS/2016/1080 
කැළණිය  විශ්වවිද්‍යාලය  
ජන සන්නිවේදන අධ්‍යන අංශය .