MACO

Tuesday, 30 July 2019

කඩියන්ලෙන

කඩියන්ලෙන ඇල්ල එහෙමත් නැත්තම් කැටබුල ඇල්ල නමින් හදුන්වන මෙම දිය ඇල්ල ලංකාවේ තියන තවත් සුන්දර දියඇල්ලකි...

නාවලපිටිය - තලවාකැලේ මාර්ගයේ කිලෝමීටර් 10ක් පමණ ගිය පසු මෙම දිය ඇල්ල හමුවේ. මේ දියඇල්ල කඩියන්ලෙන නගරයේ පිහිටා ඇති නිසා කඩියන්ලෙන ඇල්ල නමින් සහ කැටබුල වතුයාය මැදින් ඇදහැලෙන නිසා කැටබුල දියඇල්ල නමිනුත් හදුන්වනු ලබයි..

දිය ඇල්ල අදියර තුනක් ලෙස කඩා හැලෙයි. දිය ඇල්ලේ තුන්වන කොටසට ඉහලින් ආරුක්කු තුනක් සහිත පාලමක් ඇති අතර ඒ මතින් නාවලපිටිය – තලවකැලේ මාර්ගය පිහිටා ඇත. එමනිසා ඔබට මාර්ගයේ සිට දැක ගත හැකි වන්නේ දිය ඇල්ලේ මාර්ගයෙන් ඉහළ කොටස් දෙකක පමණයි. නමුත් පාලමට අඩි 100 ක් පමණ ඔබ්බෙන් ඇති අඩි පාරක ගමන් කිරිමෙන් මාර්ගයෙන් පහත සිට දිය ඇල්ලේ සම්පූර්ණ දර්ශනය දැකගත හැකිය.

යන්න...
බලන්න...
විනාශ නොකර සුන්දරත්වය පමණක් විදගන්න...


Monday, 29 July 2019

සුන්දර නකල්ස් කදුවැටිය තරණය

අද කියන්න යන්නෙ රංගල තංගප්පුව හරහා නක්ල්ස් කදුවැටිය තරණය කර අප්‍රසිද්ද සුන්දර  දියඇල්ලක් ගැන.

උදේ තෙල්දෙණියෙන් ගමන ආරම්භ කර තංගප්පුව නම් සුන්දර ගම්මානය බලා ගමන් කරන විට ඒ මාර්ගයේ තවත් අතුරු මාර්ගයකින් nature pool නම් සුන්දර ස්ථානය දැක ගත හැක.මෙහි නෑම නම් නොකල යුතුය...එහි ගැඹුර අඩි 36 පමණ වන හෙයිනි.නෑමට අවශ්‍ය නම් එහි පාලමට පහලින් නාන්න පුලුවන්...

තංගප්පුවට යනවා කියන්නෙ නම් ලේසි ගමනක් නෙවෙයි මොකද ගොඩක් දුෂ්කර මාර්ගයක් තියෙන්නෙ.නමුත් බස් එකක් වැඩ කරනවා ඒ පාරේ..තංගප්පුව නගරයේ අපි යන වාහන දාලා එතන ඉදන් පයින් යන්න වෙනවා..පැය දෙකක විතර දුෂ්කර ගමනකින් පසු නක්ල්ස් වල ලොකුම දිය ඇල්ලේ ඉහලට ගමන් කරන්න පුලුවන්..

අපි සමග තංගප්පුව ගමේ ඉදං බල්ලො දෙන්නෙකුත් ගමනට එකතු උනා..අපි පහලට එනකන්ම උන් දෙන්නා අපි එක්කම හිටියා.

මේ දවස්වල නම් දිය ඇල්ලේ වතුර නෑ.පොඩි දිය පාරක් තමයි තියෙන්නෙ.ඒත් පොඩි වතුර පාරක් නිසාම එහි සුන්දරත්වය තවත් වැඩි උනා.මොකද එතනට ලොකු සුලගක් එනවා.ඒ සුලගට දිය ඇල්ලෙන් වැටෙන වතුර ටික ආයත් උඩට එනවා..ගිහින් දැකලම තමයි ඒ සුන්දරත්වය විදගන්න වෙන්නෙ...

එතනින් පහල ⁣දිය ඇලි කීපය්ම තියෙනවා.උඩම තියෙන දිය ඇල්ල තියෙන තැනට තමයි අපි ගියේ.එතනට පහල එක දිය ඇල්ලක් බලාගන්න පුලුවන්.

දවසක් ගත කරන්න සුන්දරම ස්ථානයක් එතන.ඒත් රෑ නවතිනවනම් අවසර ගන්න වෙනවා.

ඒ සුන්දරත්වය විද ගැනීමට යන ඔබ එහි දිවියන් සිටින බවද දැනගත යුතු අතර එහි දිරාපත් නොවන කැලිකසල නොදමා එන ලෙසද වග බලාගන්න.